Colombo Today Local News

අමාත්‍ය මණ්ඩල නියෝගයට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

ලංකා විදුලිබල මණ්ඩලය හා එක්ව විදුලි ගාස්තු වැඩි කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත කර ඇති නියෝග බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාත්‍යවරයා, මහජන උපයෝගීතා කොමිසම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ, විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති අතර ලංකා විදුලි බල මණ්ඩලය සමග එම කටයුත්ත සිදුකිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට නියම කර ඇති බවය.

මහජන උපයෝගීතා කොමිසම යනු ස්වාධීන කොමිසමක් යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් මෙවැනි නියෝග නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලයට බලයක් නොමැති බවත් පෙන්වා දෙයි.

ඒ අනුව විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම වෙත නිකුත් කර තිබෙන නියෝග සියල්ල බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

Related posts

කොවිඩ් ආසාදිතව මිය ගිය සේවකයාගේ බිරිදට ලංකා විදුලිබල මණ්ඩලයෙන් රැකියාවක්

colombotoday

බුද්ධිමය හැකියාවක් ඇති අය පාර්ලිමේන්තු යවන්න – චරිත

colombotoday

යුක්තියට තවත් 952ක් මාට්ටු

Admin

ගුරුවරුන්ටත් තිත්ත බෙහෙත්.. උත්සව අත්තිකාරම කපලා

colombotoday

“ජනාධිපති මාමේ.. අවුරුද්දට කලින් අපේ තාත්තා ගෙදර එවන්න” සිරගත රණවිරුවකුගේ දරුවා කරන කාරුණික ආයාචනය

colombotoday

ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරකිමින්, ඔවුන්ද සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත්කිරීමේ වැඩපිළිවෙලක් !

colombotoday