Colombo Today Local News

ගොවින්ට නොමිලේ ඩීසල් බෙදන්න රජයට මිලියන 122ක් වැය වෙයි

චීන රජය මෙරට වී ගොවීන් සඳහා ලබා දුන් ඩීසල් තොගය ගොවි ජනතාවට බෙදා හැරීමට රජයට රුපියල් මිලියන 122ක් වැය වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

චීන රජය විසින් මෙරට ගොවි ජනතාවට නොමිලයේ ලබා දුන් ඩීසල් ලීටර් මිලියන 6.8ක ප්‍රමාණය අස්වනු නෙලීම සඳහා ගොවීන් වෙත බෙදා හැරීම මේ වනවිට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරේ.

අදාල ඩීසල් තොගය ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් දිවයින පුරා බවුසර් මගින් බෙදා හැරීම සඳහා රුපියල් මිලියන 122ක් රජය මගින් වැය කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අක්කර භාගයේ සිට අක්කර දෙකහමාරක් දක්වා වී වගාවේ නිරත සෑම ගොවියකුටම වගා කරන ප්‍රමාණය අනුව ඉන්ධන ප්‍රමාණයක් නොමිලයේ ලබා දීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව අක්කර දෙකහමාරක් හෙවත් හෙක්ටෙයාර් 01ක් වගා කරන ගොවියෙකුට හිමි වන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15කි.

මීට අවශ්‍ය මුදල් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව මෙම වසරට ලැබීමට නියමිත මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් අදාල මුදල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සදහන් කරයි.

Related posts

කැබිනට් මණ්ඩලයේ විසදුම් ගුරු වෘත්තිය සමිති ප්‍රතික්ෂේප කරයි.

colombotoday

අපි පුච්චපු ආප්පයෙන් වැඩක් වුණේ නෑ – හිටපු අගමැති රනිල්

colombotoday

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයට තර්ජන.. සභාපතිගේ නිවසට නාදුනන අයෙක් කඩාපනී !

colombotoday

ගම්බිම් බලා ගිය අයට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

Admin

මාස තුනක දී ගිනිඅවි සෙල්ලම් 42ක්… ඝාතන 22ක් – වෙඩික්කරුවන් 9ක් අත්අඩංගුවේ

Admin

සහරාන්ට අරමුදල් සැපයූ සිංගප්පූරු ජාතිකයෙක් අත්අඩංගුවට

colombotoday