Colombo Today Local News

විදේශ කටයුතු ඇමති සෞදියේ නිල සංචාරයක

සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ඇරයුමකට අනුව, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අද (23) සිට 27 වනදා තෙක් සෞදි අරාබි රාජධානියේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය ෆර්හාන් අල් සවුද් හමුවීමට නියමිත බව වාර්තා වේ.

එහිදී සුහද ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡා පවත්වනු ඇති අතර,අමාත්‍යවරයා ඉස්ලාමීය සංවර්ධන බැංකුව, ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය සහ ගල්ෆ් සහයෝගීතා කවුන්සිලය යන සංවිධානවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම මක්කම සහ මදීනාව යන නගරවල ආණ්ඩුකාරවරු ද හමුවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

Related posts

ජනපති අල්ලස් කොමිසම පත් කරයි

Admin

පාකිස්තාන අගමැති දිවයිනට

colombotoday

අගමැති මහින්දගේ 76 වන ජන්ම දිනය අදයි

colombotoday

8කට මරු කැඳවූ නියපොත්තා හොරොව්පතානෙන් අල්ලයි

colombotoday

‘සිනොපෙක්’ ඉන්ධන රුපියල් 3ක් අඩුවට

Admin

MT නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්ට එරෙහි පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවතට

colombotoday