World

ස්පාඤ්ඤයේදී නීති විරෝධී දුම්කොළ නිෂ්පාදනය කළ යුක්‍රේනියානුවන් 27ක් අත්අඩංගුවට

යුක්‍රේනයේ සරණාගතයින් ලෙස සේවය කරමින් නීති විරෝධී දුම්කොළ කම්හල් තුනක් පවත්වාගෙන ගිය බව කියන කල්ලියක් ස්පාඤ්ඤයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ස්පාඤ්ඤයේ කලාප තුනක මෙම මෙහෙයුම් සිදුකර ඇති අතර පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම කර්මාන්තශාලාවල දිනකට සිගරට් පැකට් මිලියන භාගයකට වඩා නිපදවා ඇති අතර, ඒවා ස්පාඤ්ඤය පුරා සහ විදේශයන්හි අලෙවි වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

රුසියාව විසින් තම රට ආක්‍රමණය කිරීමෙන් පලා ගිය යුක්‍රේන ජාතිකයන් මෙම කර්මාන්තශාලා තුළ ජීවත්වෙමින් මෙය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසයි.

මෙම වැටලීමේදී බලධාරීන් විසින් යුරෝ මිලියන 37.5 වටිනා දුම්කොළ නිෂ්පාදන, සුඛෝපභෝගී වාහන, ස්වර්ණාභරණ සහ විශාල මුදල් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

නිවාස 20කට වැඩි ප්‍රමාණයක්, කාර්මික ගොඩනැගිලි සහ කඩසාප්පු සෝදිසි කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, 2022 පෙබරවාරි මාසයේ රුසියානු ආක්‍රමණයෙන් පසු පලා ගිය යුක්‍රේනියානු සරණාගතයින් මිලියන අටකට ආසන්න ප්‍රමාණයක් යුරෝපය පුරා වාර්තා වී ඇති අතර ස්පාඤ්ඤයේ 160,000 කට වඩා ලියාපදිංචි වී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

ලොවම මවිත කරමින් ඇමරිකාවේ නිරුවත නැවතත් එළියට !

colombotoday

නෞකාවක මෝටර් රථ අංගනය ගිනි ගනි… 11ක් අතුරුදහන්

colombotoday

ඉන්දියාවේ රෝහලක හටගත් ගින්නකින් කොවිඩ් රෝගීන් 07 මරුට

colombotoday

හියිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බලයි.. උතුරු කොරියාව හෙල්ලෙයි

colombotoday

අමෙරිකාව සමග යුද්ධයකට යන්න රුසියාව ඉරානයට සහාය පළ කරයි

colombotoday

කොරෝනා එන්නත පළමු අමෙරිකානුවන්ට ලබාදෙන දිනය තීරණය කෙරේ

colombotoday