Colombo Today Local News

පාසල් දැරියකගේ සහ තරුණයෙකුගේ සිරුරු දෙකක් පාලු නිවසකින් හමු වෙයි

ගලේවෙල ප්‍රදේශයේ පාලු නිවසක තිබී පාසල් දැරියකගේ සහ තරුණයෙකුගේ සිරුරු දෙකක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති බව පොලීසිය පවසන අතර මීට පෙර අවස්ථාවකදී නිවසින් පැනගොස් ඇති බවට වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී ඔවුන් දෙදෙනා සොයාගෙන ඇති අතර අධිකරණයෙන් අදාළ බාලයවයස්කාර පාසල් දැරිය ඇයගේ මවගේ භාරයට පත්කර තිබේ.

අනතුරුව පසුගිය දිනක නැවත ඔවුන් දෙදෙනා නිවසින් පැනගොස් ඇති අතර එහිදී තරුණයාගේ ගම් ප්‍රදේශය වන ආඳාවල පාලු නිවසක ඔවුන් රැඳී සිට ඇත.

ඔවුන් පිළිබඳව පාසල් සිසුවියගේ නිවසට ලැබුණු ආරංචියක් මත සොයාබැලීමට ගොස් ඇති අතර එම අවස්ථාව වනවිට ඔවුන් දෙදෙනා ගෙළවැලලාගෙන මියගොස් සිටියදී හමුවී තිබේ.

මෙලෙස මියගොස් ඇති පාසල් සිසුවිය 14 හැවිරිදි වියේ පසුවන අතර තරුණයා 17 හැවිරිදි වියේ පසුවෙයි.

පාසල් සිසුවිය ගලේවෙල අඹන්පොළ පදිංචිකාරියකි.

ඔවුන් දෙදෙනා සියදිවි හානිකරගත්තාද එසේත් නොමැති නම් ඝාතනයට ලක්වී ඇත්දැයි යන්න පිළිබඳව මේ වනවිට පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Related posts

ගුරු විභාගයෙන් උපාධිධාරීන් 2,400ක් තෝරාගෙන අවසන් – සුසිල් ප්‍රේම්ජයන්ත්

Admin

ධනංජය සිල්වාගේ පියානන් ඝාතනය : සැකකරුවෙක් වසර 4ට පසු අත්අඩංගුවට… අත්බෝම්බයක් සොයා පොලිසිය සැකකරු රැගෙන යයි

Admin

හක් බෙල්ලන් 14,163ක් ගබඩා කරගෙන සිටි තිදෙනෙකු අත්අඩංගුවට..

Admin

කල්මුණේ වෙනම මුස්ලිම් දිස්ත්‍රික්කයක් ඕන.. සිංහල නිලධාරීන් එපා – මුස්ලිම් කොංග්‍රසයෙන් නැවතත් බෙදුම්වාදී ඉල්ලීම්

colombotoday

ගොවීන් වෙනුවෙන් භුමිතෙල් බවුසර් 87ක් නිකුත් කෙරේ..

Admin

ගම්පහදී කොවිඩ් ආසාදිතයන් තිදෙනෙක් ලේ දන්දීලා

colombotoday