Colombo Today Local News

නව ව්‍යවස්ථා සභාවට පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් සිවිල් නියෝජිතයෝ තිදෙනෙක්

අලුතින් පිහිටුවීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට සිවිල් නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ආචාර්ය ප්‍රතාප් රාමනුජාම්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන අය පත්කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (18)දින හිමිවිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අග්‍රාමාත්‍ය සහ විරුද්ධ පක්ෂයේ නායක යන දෙදෙනාගේම නාමයෝජනා මත මෙම තිදෙනා නම් කරන බවද ඔහු සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවසීය.

අගමැතිතුමා නම් තුනක් ඉදිරිපත් කළා. නමුත් න්‍යාය පත්‍රයේ තියෙන නම හැරුණු කොට මේ අය ගැන අපි කිසිම විස්තරයක් දන්නේ නැහැ. මේ එක් එක් අය ගැන දළ විස්තරයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඔබතුමාල නම් තුනක් ඉදිරිපත් කරලා අපෙන් සහය ඉන්නවා. මම හිතන්නේ ඒක සාධාරණ නැහැ. නැතුව කොහොමද ඒ නම් අපි අනුමත කරන්නේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:

ඔබතුමාට අපි ඒ විස්තර ලබා දෙන්නම්.

අනුර දිසානායක මහතා:

එතකොට මොකක්ද මෙතන වෙන්නේ. අනුමත කරල ඉවර වෙලා ද විස්තර දෙන්නේ.

කතානායක:

සාකච්ඡා වට කිහිපයක් පවත්වලා මේ ගැන එකඟත්වයක් ආවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හැකි ඉක්මනින්ම පත් කරන්න ඕන.

අනුර කුමාර දිසානායක මහතා:

එහෙනම් ඒ විස්තර පසුව ලබා දෙන්න.

කතානායක:

හොඳයි. පසුව ලබා දෙන්නම්.

Related posts

අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවාවන්හි මිළ නියාමනයට වහා පියවර ගතයුතුයි

Admin

සැඟව සිටි පලස්තීනුවෙක් බම්බලපිටියේදී අත්අඩංගුවට

colombotoday

ජනපතිගේ අභිමතය පරිදි ජාතික දිනයේ ඥානසාර හිමිට පොදු සමාවක් දිය හැකියි – නීතිඥ පේ‍්‍රම්නාත් සී. දොලවත්ත

colombotoday

දේශබන්දු තෙන්නකෝන්ට පහර දුන් අය අල්ලන්න පොලිසිය උදව් ඉල්ලයි

colombotoday

මංගලගේ විකෘතිය ගැන රනිල්ගේ සමීපතමයෙක් පැහැදිළි කරයි !!

colombotoday

කථානායක පුටුවේ අරුන්දික වාඩිවෙයි – සභාව ආරම්භයට පෙරම විරෝධතා

colombotoday