Colombo Today Local News

හඹා ගිහින් වෙඩි තැබූ මාරයාට ව්‍යාපාරිකයා බිලි ගන්න බැරි වෙයි

හොරණ කුඹුක ප්‍රදේශයේ අද (16) අලුයම සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

පොකුණුවිට සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථය පසුපසින් යතුරුපැදියකින් හඹා ගොස් කුඹුක ප්‍රදේශයේ වෙල්යායක් අසල දී නවතා අද අලුයම එකත් දෙකත් අතර කාලයේදී වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

වෙඩිවැදීමට ලක්ව ඇත්තේ, පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

තුවාල ලැබූ ව්‍යාපාරිකයා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

Related posts

මීළග පාද යාත්‍රාව මාතරින් කොළඹට !

colombotoday

රටකජු හා බඩඉරිඟු ආනයනය තහනම් !

colombotoday

බැඳුම්කර වංචාව රනිල් හා රවී කරුණානායක දැනුවත්ව සිදුවූවක්

colombotoday

බන්දුල, ප්‍රසන්න සහ විමල් අද මානව හිමිකම් කොමිසමට..

colombotoday

කොවිඩ් දේහයක් ආදාහනාගාරට රැගෙන ගිය රථය පෙරළෙයි

colombotoday

පොල් හිඟය තව මාස තුනක්

Admin