Colombo Today Local News

මේ වසරේදී අලුතින් පූජා භූමි 26ක් ගැසට් කරන්න සැලසුම්

මෙම වසරේදී පූජා භූමි 26ක් ගැසට් කිරීමට සැලසුම් කර ඇතැයි ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

ඒ අනුව, තිස්සව රජ මහා විහාරය, වෙල්ගම් වෙහෙර රජ මහා විහාරය, මහසෙන් රජ මහා විහාරය, මැදගොඩ සිද්ධ පත්තිනි දේවාලය, බියගම සුධර්මාරාම මහා විහාරය, පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන, කඹලෑව ඇඹව ශ්‍රී සුධර්මාරාමය, පිලාකටුමුල්ල ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරය, කිරිමැටියාන ශ්‍රී සුධම්මවංශාරාම රජ මහා විහාරය, කප්පින්න මහා විහාරය, මාගල්ල කච්චිවත්ත පුරාණ රජ මහා විහාරය, බුද්ධියාගම සීගල රජ මහා විහාරය, ගංගොඩවිල ශ්‍රී විජයාරාම විහාරය, රත්මලාන පුෂ්පාරාමය, අස්ගිරිය පුරාණ රජ මහා විහාරය, මදුරාවෙල බැල්ලපිටිය විද්‍යාසේකර පිරිවෙන, පොතුවිල් මුහුදු මහා විහාරය, මහසෙන් රජ මහා විහාරය, බුදුරුවයාය රජ මහා විහාරය, ඓතිහාසික පුරාණ හබරණ ටැම්පිට විහාරය, සෝමාවතිය රජ මහා විහාරය, කන්දෙගම ධංනජය රජ මහා විහාරය, කන්දෙගම නාමළුව සිංහගිරි රජ මහා විහාරය, බිබිල ඓතිහාසික කොටසර පියංගල රජ මහා විහාරය, මානියම්ගම රජ මහා විහාරය පූජා භූමි ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

පසුගිය වසරේදී පූජා භූමි 16ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සඳහන් කර ඇත.

මේ වන විට මෙරට පූජා භූමි 101 ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර 1961 ඔක්තෝම්බර් 16 දින කතරගම මෙරට පළමු පූජා භූමිය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

පසුගිය මාසයේ 23 වන දා මෙරට 101 වනි පූජා භූමිය ලෙස මහියංගනය රජ මහා විහාරය ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරිණි.

පූජා භූමි ප්‍රකාශයට පත් කිරීමේදී නිර්ණායක 3ක් අනුව එය සිදු කෙරෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පෙන්වා දෙයි.

පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස මේ වනවිට ලැබී ඇති ඉල්ලීම් අධ්‍යයනය කරමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ අංශ වෙත දැනටමත් උපදෙස් දී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

පූජා භූමි ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමේදී පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ මෙන් ම බුද්ධ ශාසන අමාත්‍යංශ අනුමැතිය ද මිනින්දෝරු සැලැස්ම ද ඊට අත්‍යවශ්‍ය බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

Related posts

බදියුදීන් මොහොමඩ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

colombotoday

මධූෂ්ගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා.. අත්අඩංගුවට ගැනීම වලක්වන්න – පුංචිඅම්මාගෙන් පෙත්සමක්

colombotoday

දිස්ත්‍රික්ක 3ක තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

කිව්.ආර් කේතය නිසා ඉන්ධන පෝලිම්වල සැළකිය යුතු අඩුවක්

colombotoday

රෝසි සේනානායක පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට

Admin

මුස්ලිම් අන්තවාදී පිරිසක් අරිසිමලේ ආරාන්‍යයේ දාන ශාලාවේ බලෙන් පදිංචි වෙයි.. දායකයන්ට පහරදෙයි !

colombotoday