Colombo Today Local News

ත්‍රස්ත පනත වෙනස් කරන්න පත්කල කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාතික ආරක්ෂක පනත යනුවෙන් වෙනස් කර නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට පත්කල කමිටුවේ වාර්තාව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වෙත භාර දෙන ලදි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික ආරක්ෂක පනතක් කෙටුම්පත් කිරීම සඳහා අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ නෙරිල් පුල්ලේ සහ ජනාධිපති නීතිඥ නලින් ද ඉන්ද්‍රතිස්ස යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් යුතුව පත්කරන ලද විශේෂඥ කමිටුව විසින් කෙටුම්පත් කළ ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබ ඇත.

එම අවස්ථාවට නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ අතිරේක නීති කෙටුම්පත් සම්පාදක ඩී.ඩී. කුලසේන, අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් හිරන්‍යා පෙරේරා, සහකාර ලේකම්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී ඇත.

Related posts

බස් ගාස්තුව ජූලියේ සිට ඉහළට !!

colombotoday

“ජනතාව ඉල්ලනවනම් මම දේශපාලනයට එන්න සූදානම්” [Video]

colombotoday

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කල 15දෙනා යලි රිමාන්ඩ්

colombotoday

ඉඩම් වංචාවක් ගැන අහන්න මරික්කාර්ගේ තාත්තා FCID කැදවයි.

colombotoday

චීනයෙන් රුපියල් බිලියන 16ක්

colombotoday

වැල්ලම්පිටිය ගමගේ වත්තේ වෙඩිතැබීමක්

colombotoday