Colombo Today Local News

සේපාල්ගේ කතාව ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගෙනුත් ප්‍රකාශයක් ගනී

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද (09) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

ඒ, මහනුවර ශ්‍රී දළදා මාළිගය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනා එල්ල වන සේපාල් අමරසිංහ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.

බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා වහන්සේට නිගරු වන අයුරින් සේපාල් අමරසිංහ නම් පුද්ගලයෙක් පසුගිය දිනක සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකර තිබුණි.

ඒ අනුව, පාර්ශව කිහිපයකින් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කිහිපයක් ලැබුණු අතර පසුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව සේපාල් අමරසිංහ නැමැත්තාව පසුගිය 5වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

පසුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (10)දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

එමෙන්ම කුරුණෑගල පොතුහැර, අහුගොඩ ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාළිගාවේ නිර්මාතෘ ජානක සේනාධිපති නැමැත්තාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අදාළ ප්‍රදේශයට ගොස් විමර්ශන නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගත් බව වාර්තා වෙයි.

පැය 5කට ආසන්න කාලයක් විමර්ශන නිලධාරීන් එහිදී ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

Related posts

සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනයට පියවර

colombotoday

“මරණ දණ්ඩනය ඉවත් කරන්න පනතක් ගෙනාවොත් එදා ජාතික ශෝක දිනයක් කරනවා” ජනපති

colombotoday

මම අමාත්‍යාංශ වල විෂයන් බෙදා අවසන්

Admin

හාල් කිලෝව 100යි – වී කිලෝව 30 යි

colombotoday

රාජ්‍ය සහ පෞද්ගලික මට්ටමින් බීජ සහ පැළ නිෂ්පාදනයට හා වැඩි කෘෂි අස්වැන්නකට ජනපතිගෙන් යෝජනා

colombotoday

“දෙන්නා සෙට්වෙලා තමයි ගේම දෙන්නෙ“ – රාජිත රහසක් හෙළි කරයි

colombotoday