Colombo Today Local News

දළදා වහන්සේට අපහාස කළ සේපාල අමරසිංහ පොලිස් අත්අඩංගුවට

දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කළ සේපාල් අමරසිංහව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පැපිලියානේ නිවසේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසයි.

බුදු දහමට සහ ශ්‍රී දළඳා වහන්සේට අපහාස වන ලෙස ඔහු විසින් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇතැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කඩිනම් පියවර ගන්නැයි මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් සහ දළඳා මාළිගාවේ දියවඩන නිලමේවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ලිඛිතව ඉල්ලීමක් සිදුකර තිබිණි.

එමඟින් පෙන්වා දී ඇත්තේ බෞද්ධයාගේ සිත් පෑරෙන අයුරින් අදාළ පුද්ගලයා බුදු දහමට සහ ශ්‍රී දළඳා වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති බවය.

එම ලිපිය පහතින්…

Related posts

අණ නොතකා ධාවනය කල මෝටර් රථ දෙකකට නාවික හමුදාව වෙඩි තබයි – එක් අයෙකු මරුට

colombotoday

දෙදෙනෙකු ඝාතනය කළ ගණේමුල්ල සංජීවගේ ගිනිඅවි දෙකක් සොයාගනී

Admin

කෝප් සභාපතිට මැතිසබේ විරෝධයක්… – විපක්ෂ නායක විමර්ශනයක් ඉල්ලයි

Admin

ආප්පයා කියන්නේ කාටද? ඒක වැරදි වචනයක්ද.. දරුවෙකු හැගීම් පලකරාට වරදක් නෑ – විමල් වීරවංශ

colombotoday

ත්‍රිරෝද තුනක් ගැටී සිඟිත්තෙක් මරු දකී

Admin

පාසල් යන මුවාවෙන් සිසුන්, දෙමාපියන් SPA වල

colombotoday