26 C
Colombo
9 April 2025
Colombo Today Local News

ලක්ෂයට අඩු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු පොළී ආදායමෙන් රඳවා ගැනීමේ බද්ද ඉවතට

රුපියල් ලක්ෂයට අඩු මාසික බැංකු පොළී ආදායමක් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොළී ආදායම රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කර ඇති බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඇමතිවරයා එලෙස සදහන් කරයි.

ඔවුන් පත්වන අපහසුතා පිළිබඳ කරුණු අනාවරණය වීමෙන් පසු එම තීරණය ගත් බව ඇමතිවරයා සඳහන් කරයි.

බැංකු තැන්පතු මත ලැබෙන මාසික පොළී ආදායම රුපියල් ලක්ෂයට වඩා වැඩි වන්නේ නම්, එය බදු සීමාවට යටත් වන බව ද ඇමතිවරයා සඳහන් කළේ ය.

රුපියල් ලක්ෂයට වඩා අඩු මාසික බැංකු පොළී ආදායමක් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොළී ආදායම් මත රඳවා ගැනීමක් සිදුකළහොත් රඳවා ගැනීමේ බදු වන 5%ක අනුපාතය සමඟ ඔවුන්ට සිදුවන අපහසුතා පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව ද එය සැලකිල්ලට ගෙන ඔවුන්ට ලබාදෙන සහනයක් ලෙස ලක්ෂයට අඩු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු පොළී ආදායම් සඳහා රඳවා ගැනීමේ බද්දක් තබා නොගැනීමට තීරණය කළ බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

ඇමතිලාට සැප ගන්න කෝටි ගණන් වෙන්කරගනිද්දී, අරණායක අවතැන්වූවෝ තවමත් කූඩාරම්වල (Video)

colombotoday

විස්තීර්ණ ණය පහසුකම යටතේ තවත් ඩොලර් මිලියන 330ක් ශ්‍රී ලංකාවට

Admin

අද මධ්‍යම රාත්‍රී සිට නිරෝධායන නීති යළිත් වෙනස් වෙයි

colombotoday

එළි පෙහෙළි කිරීම් නැවතත් රිසි සේ.. විල්පත්තුව අනතුරේ !

colombotoday

විශේෂ මහාධිකරණයෙන් ගෝඨාභයට ඇප…

colombotoday

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

colombotoday