World

නව වසර ඉතාමත් දුෂ්කරයි

ගෝලීය ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන චීන, යුරෝපා සහ ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකයන් මන්දගාමී වීම හේතුවෙන් පසුගිය වසරට වඩා ලැබුවා වූ නව වසර ඉතාමත් දුෂ්කර වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජොර්ජීවා ප්‍රකාශ කර ඇත.

වසර 40 කට පසු ප්‍රථම වතාවට චීනයේ පසුගිය වසරේ ආර්ථික වර්ධන වේගය ගෝලීය ආර්ථිකයට වඩා පහළ බව ක්‍රිස්ටලීනා ජොර්ජීවා පෙන්වා දී තිබේ.

කොවිඞ් නීති ලිහිල් කළද රෝගය පැතිර යාම හේතුවෙන් ඉදිරි මාස කිහිපය චීනයට දුෂ්කර වනු ඇති බවත් ඒ හේතුවෙන් චීනයේ ආර්ථික වර්ධනයද සෘණාත්මක වනු ඇති බවත් ඇය පවසා ඇත. චීන ආර්ථිකය මන්දගාමී වන විට කලාපයේ ආර්ථිකයද මන්දගාමී වනු ඇති බවත් කලාපයේ ආර්ථිකය මන්දගාමී වන විට ගෝලීය ආර්ථිකයද මන්දගාමී වනු ඇති බවත් ඇය පෙන්වා දී තිබේ.

ගෝලීය ආර්ථිකයෙන් ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකය වෙන්ව සිටීම හේතුවෙන් ආර්ථික අවපාතයක් ඇතිවීම වළක්වා ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයට අවස්ථාව තිබුණත් ඇමෙරිකා ආර්ථිකය වෙන්වී සිටීම, ගෝලීය ආර්ථිකය මන්දගාමී වීමට හේතුවක් වනු ඇතැයි ක්‍රිස්ටලීනා ජොර්ජීවා පවසා ඇත.

යුක්රේන – රුසියා යුද්ධය දිගටම ඇදී යාම, ඉහළ උද්ධමනය සහ මහ බැංකු වල ඉහළ පොළී අනුපාත ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වීමට හේතු වී ඇතැයි ඇය පෙන්වා දී තිබේ.

Related posts

උතුරු කොරියාව අධි බලැති මිසයිල 17ක් එකවර අත්හදා බලයි

Admin

ගිණුම් අත්හිටවුණු ට්‍රම්ප් සකර්බර්ග්ගෙ ෆේස්බුක් හා තරගයට සමාජමාධ්‍ය ජාලයක් හදයි

colombotoday

පෝලන්තයට වැටුණු මිසයිලයෙන් ලොවම කැළඹෙයි – ජෝ බයිඩන්ගෙන් ප්‍රකාශයක්

Admin

සිරියාවේ විෂ වායු ප්‍රහාරයකින් සිය ගණනක් මරුට

colombotoday

පකිස්ථාන හිටපු අගමැති ශරීෆ්ගේ සිර දඩුවම අත්හිටුවයි !

colombotoday

රුසියාවේ Facebook සමාජ ජාලය සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි රැසක් තහනම් කෙරේ..

colombotoday