Colombo Today Local News

පාසල් ළමුන් පරීක්ෂා කළ යුත්තේ, මත්ද්‍රව්‍ය ගැන නිශ්චිත තොරතුරක් ඇත්නම් පමණයි.. – පොලිස්පතිගෙන් උපදෙස්

පාසල් ළමුන් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් උපදෙස් නිකුත් කරනු ලැබ තිබේ.

පාසල් ළමුන් පරීක්ෂා කළ යුත්තේ, මත්ද්‍රව්‍ය සම්බන්ධ නිශ්චිත තොරතුරක් ඇත්නම් පමණක් බවට පොලිස්පතිවරයා උපදෙස් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

නිකරුණේ පාසල් ළමුන් පරීක්ෂා කිරීමෙන් වළකින ලෙස ද පොලිස්පතිවරයා උපදෙස් දී තිබේ.

එසේම මෙම පරීක්ෂා කිරීමේ දී වීඩියෝගත කිරීමෙන් වළකින ලෙස ද, මාර්ගවල දී පාසල් සිසුන් පරීක්ෂා කිරීමෙන් වළකින ලෙසට ද පොලිස්පතිවරයා නියෝග කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

Related posts

නිල ඇඳුම් තිළිණපත්වල වටිනාකම අඩුකර නෑ – අධ්‍යාපන අමාත්‍යාංශය

colombotoday

හිටපු ඇමති මනූෂ මිනිස් ජාවාරම් කරලා

Admin

විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාර

colombotoday

පොලිසියයි, රාජ්‍ය මාධ්‍යයයි ඉස්සරහ තියාගෙන තෙල් සේවකයන්ට පහරදුන් මන්ත්‍රීගේ ගෝලයෝ (Photo)

colombotoday

කඩාකප්පල් කිරීම් මැද ශාසනාරක්ෂක සභාව හෙට මඩකලපුවට

colombotoday

පුවක් ගෙඩියත් 20ට නගී

colombotoday