වාහන අංක තහඩුවේ මෙතෙක් පැවති පළාත් හැඟවීමේ ඉංග්‍රීසි අක්ෂර ලබන ජනවාරි මස 1 වෙනිදා සිට ඉවත් කරන බවත් ඒ අනුව ඉදිරියේදී නිකුත් කරන නව අංක තහඩුවල ඉංග්‍රීසි අක්ෂරය මුද්‍රණය නොකරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (30)දින පැවසීය.
නව ලියාපදිංචි කිරීමේ සහ දැනට පවතින අංක තහඩු සහිත වාහනවල ලියාපදිංචිය වෙනස් කිරීමේ ගාස්තු ගෙවිය යුතු බවත් වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.