Colombo Today Local News

ලංකාවට පන්නන්න හැදූ කෝටි 110ක මත්ද්‍රව්‍ය සමග 2ක් තමිල්නාඩු බුද්ධි අංශ අත්අඩංගුවට

තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ ඉන්දීය රුපියල් කෝටි 110 ක් වටිනා මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ජාවාරම් කිරීමට උත්සාහ දැරූ සැකකරුවන් දෙදනෙකු තමිල්නාඩු බුද්ධි අංශ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා සමඟ මෙතම්ෆටමයින් (අයිස්) මත්ද්‍රව්‍ය කිලෝ 35 ක් සහ ගංජා තෙල් කිලෝ 50 ක් ද අත් අඩංගුවට ගැනීමට බුද්ධි අංශ නිලධාරීන් සමත්ව ඇත.

පරමාකුදි නගරයේදී තමිල්නාඩු බුද්ධි අංශයට ලද තොරතුරක් මත වාහන පරික්ෂා කිරීමේදී මෙම සැකකරුවන් දෙදෙනා මත් ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් පැමිණි වාහනයේ තිබී තහනම් මත් ද්‍රව්‍ය කිලෝ 88 ක් අත්අඩංගුවට ගත් බවත් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බවත් තමිල්නාඩු බලධාරීහු ප්‍රකාශ කළහ.

Related posts

සහරාන්ගේ සමීපතමයෙකු කටුපොත දී කොටුවෙයි.

colombotoday

ඇමති කිරිඇල්ලගේ තීරණයට ඇමති ඩිලාන්ගෙන් දැඩි විරෝධය !

colombotoday

තද වැසි පිළිබද අවදනාත්මක නිවේදනයක්

colombotoday

රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාසයට

colombotoday

වැඩකරන ජනතාවගේ EPF අරමුදලට හානියක් වීමට ඉඩ තියන්නේ නෑ.. – ජනපති

Admin

අද එන්නත්කරණය මධ්‍යස්ථාන 300 කදී.. | ලැයිස්තුව මෙන්න

colombotoday