Colombo Today Local News

අව් රශ්මියේ මහන්සිවී වැඩ කිරීම අවම කරන්න – 2023 මාර්තු තෙක් ලංකාව අවදානම්

මෙරට වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය නියමිත ප්‍රමිතීන්ට වඩා බරපතළ ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය සඳහන් කරයි.

පරිසර අධිකාරිය විසින් නම්කර තිබෙන දූවිලි අංශුවල ප්‍රමිති අගය ඉක්මවා ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ (වායු තත්ත්ව අධ්‍යාපන) සරත් ප්‍රේමසිරි පවසයි.

පැය 24 ක කාලයක් තුළදී තිබිය හැකි දූවිලි අංශු ප්‍රමාණය (කියුබික් මීටරයක් තිබිය හැකි මයික්‍රෝ ගෑම් ප්‍රමාණය) 50 ක් පමණ වේ. එය මේ දිනවල 75 ක් පමණ දක්වා අහිතකර ලෙස ඉහළ ගොස් තිබේ.

සෑම වසරකම නොවැම්බර් මාසයේ මැද සිට මාර්තු දක්වා ඉන්දියාවේ අහිතකර වායු දූෂණ තත්ත්වය ඉහළ යෑම නිසා එය මෙරටට බලපාන බවත්, මේ නිසා මෙරට වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණයද නියමිත ප්‍රමිතීන් ඉක්මවා යන බවද ඔහු කියයි.

බංග්ලාදේශයේද වායු දූෂණ තත්ත්වය ඉහළ ගොස් ඇතැයිද ඔහු සඳහන් කරයි.

කොළඹ වාහන තදබදය වැඩි නිසා පිටවන දූවිලි අංශු ප්‍රමාණය වැඩි බවත්,එවැනි තත්ත්වයක් මත ඉන්දියාවේ සිට මෙරටට හමා එන සුළං ප්‍රවාහය සමග එන දූවිලි අංශු සමග වායු දූෂණය තවත් වැඩිවන බවද ඔහු පවසයි.

යාපනය,පුත්තලම,මහනුවර,කොළඹ යන නගරවල දූවිලි අංශු ප්‍රමාණය විශාල ලෙස වැඩිවී තිබේ. ඊසාන දිග මෝසම අවසන් වනතුරුම එනම් ලබන වසරේ (2023) මාර්තු මාසය මෙම තත්ත්වය විටින් විට පවතින බවද ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි පවසයි.

මෙම පරිසර දූෂණ තත්ත්වයෙන් ආරක්ෂාවීමට මුඛ ආවරණ භාවිත කරන ලෙසත්, අව් රශ්මිය පවතින අවස්ථාවන්හිදී එළිමහනේ මහන්සිවී සිදු කරන කටයුතු අවම කරන ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

විපක්ෂයෙන් මා අපේක්ෂා කළ දේ ලැබුනේ නැහැ. කිසිඳු බලයක් නොතිබූ කණ්ඩායමක් ලෙස හැසිරීම කණගාටුවට කරුණක්

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සමග බන්ධනාගාර නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

20ට චන්දෙ දුන්නත් රිෂාඩ්ගේ ගෝලයෝ ආණ්ඩුවට වද්ද ගන්නේ නෑ.. විමල් වීරවංශ දැඩි ස්ථාවරයක

colombotoday

පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපති විජිත හේරත් නිදහස ජනතා සභාවට එක්වෙයි

colombotoday

“ආණ්ඩුවට අවුරුද්දයි බොරු පොරොන්දු කප්පරයි” අඛණ්ඩ විරෝධයකට උපාධිධාරීන් සැරසෙයි

colombotoday

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිදුවූ ඕනෑම අපරාධයක් ගැන විද්‍යාත්මක සාක්ෂි ලබාගැනීමට විශේෂ කණ්ඩායමක්

colombotoday