Colombo Today Local News

මිත්තනියට ප්‍රතිඵල කියන්න ගිය A-9 ගත් සිසුවාට භූමිතෙල් දමා ගිනි තියලා

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය A සාමාර්ථ නවයක් සමගින් සමත් වූ අම්පිටිය ප්‍රදේශයේ පදිංචි සිසුවෙකුගේ ශරීරයට කිසියම් පුද්ගලයෙකු භූමිතෙල් දමා ගිනි තැබීම හේතුවෙන් බරපතළ පිලිස්සුම් තුවාල ලත් සිසුවා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මහනුවර, අම්පිටිය, පල්ලේගම පදිංචි සිසුවා ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු තමන් ලද විශිෂ්ට ප්‍රතිඵලය සිය මිත්තණියට දැනුම් දීම සඳහා 26දා රාත්‍රියේ ගොස් පියා සමග ආපසු එමින් සිටියදී අම්පිටිය මී කණුව ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයෙකු ඉදිරියට පැමිණ ශරීරයට භූමිතෙල් ඉස ගිනි තබා ඇති බව සඳහන් වේ.

ගිනි තැබීම සිදු කළ පුද්ගලයා සමග තවත් කිහිප දෙනෙකු පැමිණ ඇති බව සඳහන් වන අතර අඳුර වැටී තිබූ බැවින් මෙම ගිනි තැබීම සිදුකළ පුද්ගලයා හඳුනා ගැනීමට නොහැකි වූ බව සිසුවාගේ පියා පොලිසියට පවසා තිබේ.

සිසුවාගේ ගෙළ ප්‍රදේශයේ සිට පහළට සම්පූර්ණයෙන් ම පිළිස්සී ඇති අතර ඊයේ (28) පෙරවරුවේ ඔහු සැත්කමකට ලක්කර ඇත.

අම්පිටිය ප්‍රදේශය බිය ගන්වමින් බොහෝ කලෙක සිට ක්‍රියාත්මක වන මැර කල්ලියක සාමාජිකයෙකු මෙම ගිනි තැබීම සිදුකර තිබෙන බවත් සිසුවාගේ පවුලේ උදවිය ඔවුන්ට ඇති බිය නිසා සිද්ධිය වසන් කරන බවත් ප්‍රදේශවාසීහු පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

-අරුණ-

Related posts

Video – කිරින්ද රජමහා විහාරයේ ආගමික වැඩසටහන්වලට අසල මුස්ලිම් පල්ලියෙන් බාධා

colombotoday

කොවිඩ් දෙවැනි රැල්ල – මිනුවන්ගොඩ පොකුරේ ආරම්භය ?

colombotoday

ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියලයි.. සියලු ආර්ථිකයන් කඩා වැටෙද්දී අපි කෙලින්…

colombotoday

මම මහා පරාක්‍රමබාහු වගේ මට ඡන්දය දෙන්න

Admin

කුඩු පලහිලව්වක් නිසා ගෙටලට පිහියකින් ඇන තරුණයෙක් ඝාතනය කරලා

colombotoday

ජනමාධ්‍ය ලේකම්ගේ නියෝගය බල්ලට – අගමැති නියෝගයෙන් ITN රටටම බ්ලූ පෙන්නයි !

colombotoday