Colombo Today Local News

වෙලාව ලැබෙන විදිහට අගමැති‌ගේ පුතත් කෝච්චියේ යනවාලු

වෙලාව ලැබෙන විදිහට මමත් කෝච්චියේ යනවා”යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මරදානේ සිට වග කහහේන ස්ටේෂන් එකට කෝච්චියෙන් ගමන් කරන බව කී ගුණවර්ධන මහතා සාමාන්‍යයෙන් දැන් එම දුර ගමන් කිරීම සඳහා රුපියල් 120ක් අය කරන බව පැවසීය.

අවුරුදු 165ක් පරණ දුම්රිය දෙපාර්තුමේන්තුව වැරදි පීලි වල යන්න නොදී හරි පීල්ලකට ගත යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සිටින බොහෝ දක්ෂ අය කියන බවද පොදු ප්‍රවාහනය මීට වඩා ආකර්ෂණීය කළ යුතුව තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් යදාමිණී ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

Related posts

දේශපාලඥයන්ට පාසල වැසෙයි

Admin

ප්‍රවීණ කලාකරු රෝහණ බැද්දගේ හට තානාපති තනතුරක්…

colombotoday

සංචරණ සීමා කාලය තුල ගැටළු ඇත්නම් 1965 ට අමතන්න | අරලියගහ මන්දිරයේ විශේෂ මධ්‍යස්ථානයක්

colombotoday

ඩොලරයක විකුණුම් මිල රු. 300 ඉක්මවයි

colombotoday

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සියලුම පාඨමාලා ගාස්තු ඉහළට

Admin

හම්බන්තොට දළු දමන අලුත් පවුල් ගස

Admin