6 April 2025
Colombo Today Local News

රුපියල් ලක්ෂ 48ක බිල නොගෙවූ මහනුවර පිළිකා රෝහලේ ලයිට් කපලා – ප්‍රතිකාර නවතී

රුපියල් ලක්ෂ 48ක බිලක් නොගෙවීම හේතුවෙන් මහනුවර පිළිකා රෝහලේ විදුලිය සැපයුම විසන්ධි කිරීම නිසා එහි ප්‍රතිකාර කටයුතු නතරවීමෙන් රෝගීන් බරපතළ ගැටලුකාරී තත්වයකට මුහුණදී සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (25)දින පැවසීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

තමාට මේ සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍යවරයකු දැනුම් දුන් බවත් ඒ සම්බන්ධයෙන් තමා සෞඛ්‍ය ඇමැතිවරයාට පෞද්ගලිකවම දුරකතනයෙන් කතා කර ප්‍රශ්නය දැනුම් දුන් බවත් ඔහු සඳහන් කළේය.

මේ තත්ත්වය හේතුවෙන් රේඩියම් ප්‍රතිකාර ඇතුළු බොහෝ කටයුතු නතරවී ඇතැයිද කිරිඇල්ල මහතා පැවසූවේය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ තමා ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවයි.

ඒ පිළිබඳව දැනුම්දී නොතිබූ බවද හෙතෙම සඳහන් කළේය.

Related posts

රැඳවියන් බැලීමට සතියකට දින දෙකක් අවසර

colombotoday

ජනපතිගේ ආශිර්වාදයෙන් ඇමති විමල්ගේ ආරාධනයෙන් එන ඡන්දෙට මං ඉල්ලනවා..

colombotoday

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා යෝජනාව අද

colombotoday

කුරුණෑගලත් වෙඩි තැබීමක්

Admin

ඇමති ගයන්ත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය හමුවේ

colombotoday

පුවතක් ගැන ප්‍රශ්න කරලා මාලිමාවෙන් මාධ්‍යවේදියාට පහර දීමක්

Admin