Colombo Today Local News

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ මඩින්න ජනාධිපති කාර්යසාධක බලකායක්

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ ප්‍රචලිත කිරීම සහ භාවිතය වළක්වාලීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ ප්‍රචලිත කිරීම සහ භාවිතය වළක්වාලීමට සුදුසු ක්‍රියාමාර්ග හඳුනාගැනීම, සැලසුම් කිරීම සහ ක්‍රියාවට නැංවීම සඳහා මෙම කාර්යසාධක බලකාය පිහිටුවීමට නියමිතය.

ආරක්‍ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ සහ සහ මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් යන මහත්වරුන්ගේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

Related posts

ඉන්දියාව – චීනය, ලංකාව මැදි කරගෙන යළි ගැටුමක

colombotoday

පාසල් නිල ඇඳුම් මෙදා පාරත් නෑ.. වව්චරෙත් නෑ.. ඒ වෙනුවට චෙක්පත් !

colombotoday

LP ගෑස් තොගයකට රජය ගෙවයි

colombotoday

හකීම්ගේ “ගහ” දෙදරයි.. කුරාණය පදනම් කරගෙන නව පක්ෂයක් නැගෙනහිරින් බිහිවෙයි !

colombotoday

කාදිනල් තුමාට අපහාස කරමින් ආගම් අතර වෛරය ඇතිකරන ප්‍රකාශ කල කාන්තාවක් අත්අඩංගුවට

colombotoday

වෘක්ෂලතා පනත කැඩීයැයි චෝදනා.. අලි පැටියා ළග තබාගත්තාට උඩුවේ හිමිට නීතිපති නඩු දමයි

colombotoday