Colombo Today Local News

අරගල කරලා ආණ්ඩුව එළවයි කියලා දැන් බයක් සැකක් තියාගන්න එපා.. දරුවන් සිරකිරීම අසාධාරණයි

ඇමැතිකම් වැඩිවෙමින් ආණ්ඩුව ස්ථාවර තත්වයට පත්ව ඇති මොහොතක දරුවන් හිර කිරීම දැන් අවශ්‍ය නොවන බව සමගි ජන බලවේගය පක්ෂයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (18)දින පැවසීය.

“අරගල කරලා ආණ්ඩුව එළවයි කියලා දැන් බයක් සැකක් තියාගන්න එපා” යැයිද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී කතානායකවරයාගේ අවසරය ඇතිව ප්‍රකාශයක් කරමිනි.

අරගලයේ නිරත දරුවන් පැවසුවේ නිවැරදි දේ බව පැවසූ මන්ත්‍රීවරයා නිවැරදි දේ පැවසූ තරුණ දරුවන් සිරගත කිරීම අසාධාරණ යැයිද සඳහන් කළේය.

දරුවන් සිර කිරීමෙන් ශ්‍රී ලංකාවට ආධාර ලබාගැනීමට ගැටළු මතු වන බවත් ජීඑස්පී සහනය පවා ඒ හේතුවෙන් නොලැබී යා හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විජේසිරි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

කෝකිලායි විහාරස්ථානාධිපති හිමියන්ගෙන් ප්‍රශ්න කිරීමට දෙමල සන්ධානයට බලයක් ලැබුනේ කෙසේද?

colombotoday

නව ඇමැතිවරුන්ගේ ගැසට්ටුව නිකුත් වෙයි

colombotoday

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි.

colombotoday

අන්තරේ පා ගමනට පොලිසියෙන් කඳුලු ගෑස්

colombotoday

ශ්‍රී ලංකාව මන්දපෝෂණ‍යෙන් ලෝකයේම 5වන තැනට

Admin

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මගීන්ට පණිවුඩයක්

colombotoday