Colombo Today Local News

රියදුරු බලපත්‍ර කාර්යාලයෙන් එක්දින සේවයෙන් රියදුරු බලපත්‍ර 50ක් පමණයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙහෙරහැර පිහිටි රියදුරු බලපත්‍ර කාර්යාලයෙන් එක්දින සේවය යටතේ දිනකට රියදුරු බලපත්‍ර 50 ක් පමණක් නිකුත් කරන බවත් එක්දින සේවය සීමාකර ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර මුද්‍රණයට මූලිකත්වය දුන් බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසයි.

එක්දින සේවය දිනකට රියදුරු බලපත්‍ර 50 කට සීමා කළ ද හදිසියේ විදේශගත වීම ආදි කරුණු පිළිබඳව අවධානය යොමු කරන බවත් සෙසු අයදුම්කරුවන්ට සාමාන්‍ය සේවය යටතේ රියදුරු බලපත්‍ර අයදුම් කළ හැකි බවත් ඔහු සකහං කරයි.

ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර 1800 ක් පමණ මේ වන විට දිනකට මුද්‍රණය කරෙයි. ඒ අනුව මුද්‍රණ යන්ත්‍රවල සහ සේවක ධාරිතාව අනුව දිනකට මුද්‍රණය කළ හැකි රියදුරු බලපත්‍ර සංඛ්‍යාව 2000 ක් පමණ වන බවද ඔහු පවසයි.

රියදුරු බලපත්‍ර මුද්‍රණයට යොදාගන්නා කාඩ්පත් හිඟයකින් තොරව තිබූ කාලයේ එක්දින සේවය යටතේ දිනකට රියදුරු බලපත්‍ර 1500 ක් පමණ නිකුත් කළේය.

Related posts

ජනපති අද සමුළුව අමතයි

Admin

හිටපු ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට සිතාසි

colombotoday

සමීක්ෂණ වාර්තා අනුව ඊලග ජනාධිපති මමයි

Admin

වැස්සෙන් ආපදාවට පත්වූවන් 6000 පනී

Admin

රටපුරා මැතිවරණ තහනම්: ඡන්දය දැම්මොත් මරණය !

colombotoday

කුමාර් ගුණරත්නම්ට වසරක සිර දඬුවම්

colombotoday