Colombo Today Local News

වෙඩි වැදී 05 හැවිරිදි දරුවෙක් මරුට – 18 හැවිරිදි තරුණයා අත්අඩංගුවේ

වෙඩි වැදීම හේතුවෙන් බරපතළ තුවාළ ලබා රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බරපතළ තුවාල ලැබූ කුඩා දරුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කතරගම, දෙටගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 05 හැවිරිදි දරුවෙකි.

පොලීසිය පවසන්නේ වායු රයිෆලයක් වැරදීමකින් ක්‍රියාත්මකවීමෙන් කුඩා දරුවාට වෙඩි වැදී ඇති බවය.

18 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු විසින් අනාරක්ෂිත ලෙස රැගෙන යමින් සිටි වායු රයිෆලයක් මෙලෙස වැරදීමකින් ක්‍රියාත්මක වී ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් 18 හැවිරිදි වියේ පසුවන තරුණයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

දෙමළ ඊළම පිහිටුවීමේ පසුබිම සංහිඳියාවේ නාමයෙන් සැකසෙනවා.. ඊට එරෙහිව වන සියළු දෙනා මර්ධනය කරනවා

colombotoday

“වරායේ වැඩ ලබන මාසේ පටන් ගන්නවා…. හම්බන්තොට ඉඩම් චීනයට දෙනවා” – අගමැති

colombotoday

ආණ්ඩුව කොරෝනා වසංගතයට මුවා වී නොහැකියාව වසා ගැනීමට උත්සාහ කරනවා

colombotoday

කාංචන විජේසේකර ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වේ…

colombotoday

පොහොට්ටුවේ කුරුණෑගල අපේක්‍ෂකයෙකු ජනපතිට-අගමැතිට අපහාස කරමින් මඩ පත‍්‍රිකා බෙදලා

colombotoday

වැලි ටිපරයට පොලිස් කොස්තාපල්වරියක් බිලි

Admin