Colombo Today Local News

හෙරොයින් වැටලීමකට ගිය පොලීසියට කාන්තාවන්ගෙන් ගල්මුල් ප්‍රහාරයක්…

අනුරාධපුර, සමුහ ගොවිපල පුබුදුපුර ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට ගල්මුල් ප්‍රහාර එල්ල කළ කාන්තාවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, හෙරොයින් සමග සැකකරුන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදීය.

පුබුදුපුර ප්‍රදේශයේදී ඊයේ (16)දින කළ මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 14 යි මිලිග්‍රෑම් 220 ක් සමග සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, එම සැකකරුවන් පුබුදුපුර ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා පොලීසිය වෙත රැගෙන ඒමේදී ඔවුන් මුදා ගැනීම සඳහා කාන්තාවන් 6 දෙනෙකු පොලිස් නිලධාරීන්ට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රථිකාර සඳහා අනුරාධුපර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා සහ සැකකාරියන් 06 දෙනා අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම මෙහෙයුම අතරතුර එක් සැකකරුවෙකු පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

Related posts

පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

ඇමතිකමක් නොදුන්නැයි ෆොන්සේකා, රංගේ ජනාධිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි…

colombotoday

නුවරඑළියට නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

Admin

උසස් පෙළ හා ශිෂ්‍යත්වය ගැන අවසන් තීරණය මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරිමෙන් පසු

colombotoday

කුරානයට අපහාස කළේයැයි ඥානසාර හිමිට විරුද්ධ නඩුව කල් යයි.

colombotoday

සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑමේ සූදානමක්… ඇමරිකානු සමාගමකින් ආණ්ඩුවට ධවල පත්‍රිකාවක්…

colombotoday