Colombo Today Local News

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් ට අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කර තිබේ.

නොවැම්බර් මස 25 වන දා දක්වා එම කාලය දීර්ඝ කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම විභාගය සඳහා 2019, 2020, 2021 හා 2022 යන වර්ෂවල 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන්ට පමණක් අයදුම් කළ හැක.

සියලූම අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ තමන් ඉගෙනුම ලැබූ පාසලේ විදුල්හල්පති මඟින් පමණක් බවත් අයදුම්කරුවන්ට පෞද්ගලිකව මෙම විභාගයට ඉදිරිපත් විය නොහැකි බවත් විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මෙම විභාගය අපොස උසස් පෙළ 2022 (2023) විභාගය පවත්වනු ලබන කාලසීමාව තුළ නොපැවැත්වෙන අතර විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම්දෙන බව සඳහන්වේ.

මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ, පහත දුරකථන අංකයට දැනුම්දිය හැකියි.

ඍජු දුරකථන අංක – 1911
0112 786 616 / 0112 784 537 / 0112 784 208
ෆැක්ස් – 0112 784 422
පොදු දුරකථන අංක – 0112 786 200 / 0112 784 201 / 0112 785 202

Related posts

“ජනතාව ඉල්ලනවනම් මම දේශපාලනයට එන්න සූදානම්” [Video]

colombotoday

කුරුණෑගල නගරාධිපතිට එරෙහි වරෙන්තු තීරණය හෙට

colombotoday

ශ්‍රී ලංකාව උද්ධමනය 54% සීමාව ඉක්මවමින් අධි උද්ධමන කලාපයට

colombotoday

“විප්ලවකාරී වෙනසක් කළා.. රට දැන් සංවර්ධන මාවතේ” – ජනපති ජී7 අමතයි

colombotoday

පෙළ පොත් සඳහා පණිවිඩය එක් කිරීමෙන් අමතර වියදමක් නෑ

colombotoday

දිවයිනට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වෙයි

colombotoday