BusinessColombo Today Local News

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ලංකාවටත් Flying Boat පළමු වරට

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ෆ්ලයින් බෝට් (Flying Boat) සංචාරක ගුවන් ගමන් වැලිගම වෙරළ තිරයේ දී ඊයේ (17) ආරම්භවිය. අධි තාක්ෂණයෙන් යුත් පැරා මෝටර්ස් ගුවන් සේවා දියත් කිරීමද වැලිගම මුහුදු තීරයේදී සිදු විණි..

මෙහිදී ෆ්ලයින් බෝට් (Flying Boat) සහ පැරා මෝටර් (Para motor) සංදර්ශනයක් ද පැවැති අතර විදේශිකයින් රැසක්ද එක්ව සිටිනු දක්නට ලැබුණි. සංචාරක මණ්ඩලයේ සහ ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහ ගුවන් හමුදාවේ පුර්ණ අධීක්ෂණයෙන් මෙම ගුවන් සේවා ක්‍රියාත්මක වේ.

ස්කයි වෝකර්ස් (sky walkers) පුද්ගලික සමාගම විසින් මෙම සංචාරක ප්‍රවර්ධනය ව්‍යාපෘතිය සිදුකෙරෙන අතර මෙමගින් දේශීය විදේශීය සංචාරකයින්ට ගුවනේ සිට රමණිය ස්ථාන දැක බලාගැනීමේ අවස්ථාව සැලසෙන බව වාර්තා වේ.

Related posts

ඊයේ දින මෙරටින් කොවිඩ් ආසාදිතයින් 40ක් හදුනා ගනී

colombotoday

ඒකාබද්ධ විපක්ෂයත්, ශ්‍රීලනිපයත් අතහරී… මහින්ද එන ඡන්දයේදී ස්වාධීන වෙයි

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටෙයි

colombotoday

බන්ධනාගාර බස්වලට CCTV සවි කරන්න යයි

Admin

24-30න් විවාහ වෙන්න,රජයෙන් නිවාසයක්

Admin

නාමල් කුමාර අත්අඩංගුවට !

colombotoday