Colombo Today Local News

මහජන ආරක්ෂක ඇමති සිංගප්පූරුවේ නිල සංචාරයක

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමා සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත විය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමා සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු අමාත්‍ය සහ සිංගප්පූරුවේ නීතිය පිළිබඳ අමාත්‍ය කේ. ෂන්මුගම් මැතිතුමාගේ ඇරයුමකට අනුව, 2022 ඔක්තෝබර් 25-29 යන දිනවල සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත විය.

ශ්‍රී ලංකා දූත පිරිස, සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය සහ මධ්‍යම මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය (CNB) මහජන සාමය පවත්වාගැනීම සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා සිංගප්පූරුව අනුගමනය කරන නීතිමය රාමුව පිළිබඳව සංවිධානය කළ දැනුම්වත් කිරීමේ සැසියකට සහභාගී වි ඇති බව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

මෙම හමුවට එක් වූ අමාත්‍ය ෂන්මුගම් මැතිතුමා, මෙම ක්ෂේත්‍ර දෙකට අදාළව මෑත වසරවල හඳුන්වා දුන් නීතිමය රාමු සහ සංශෝධන පිළිබඳ දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කර අත. අදාළ නීති සම්පාදනයේ සහ සංශෝධනවල මෙහෙයුම් අංශ සම්බන්ධයෙන් උගත් පාඩම් පිළිබඳව දෙපාර්ශ්වය අතර ඵලදායී අදහස් හුවමාරුවක් ද සිදු වි තිබේ. වෙනම සැසියක් ලෙස පැවැත්වූ මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුන් ෂුඒලින්ග් මැතිතුමා සහ සිංගප්පූරුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වී ඇත.

අමාත්‍යවරයාගේ සිංගප්පූරු සංචාරයට ආගමන කටයුතු හා මුරපොළ අධිකාරියේ (ICA) නිලධාරීන් සමඟ අන්තර්ක්‍රියා පැවැත්වීම ද ඇතුළත් වි ඇත. ICA හි ප්‍රලේඛන කටයුතු පරිවර්තනයකට සහ ඩිජිටල්කරණයට ලක් කිරීමේ සැලසුම් පිළිබඳව කෙටි විස්තරයක් මෙහිදී සපයන ලද අතර, අනන්‍යතා සත්‍යාපනය සහ ලේඛන විශ්ලේෂණ (IADA) විද්‍යාගාරය තුළ සංචාරයක් ද ඊට ඇතුළත් වි ඇත. සිංගප්පූරුවේ ආගමන මුරපොළවල්වල දැනට අනුගමනය කරන ක්‍රියාමාර්ග සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉස්මතු වන අභියෝගවලට මුහුණ දීමේ අරමුණින්, සිංගප්පූරු ආගමන හා ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ (SIR) සහ රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ (CED) මුරපොළ මෙහෙයුම් ඒකාබද්ධ කිරීම සඳහා 2003 වසරේ දී ICA ආයතනය පිහිටුවීමේ දී සිදු කරන ලද ක්‍රියාවලිය පිළිබඳව දෙපාර්ශ්වය මෙහිදී සිය අදහස් හුවමාරු කර ඇත.

සිංගප්පූරු පොලිස් සේවයේ නිලධාරීන් විසින් අපරාධ විමර්ශනය, බුද්ධි තොරතුරු සහ විශේෂ මෙහෙයුම් විධානය ඇතුළුව ඔවුන්ගේ මෙහෙයුම් අංශ පිළිබඳ සවිස්තරාත්මක දළ විශ්ලේෂණයක් සපයා ඇති අතර ඔවුහු චැන්ගි ගුවන් තොටුපොළ තුළ සංචාරයක ද නිරත වි ඇත. එහිදී සිංගප්පූරුවේ නවතම දේශසීමා ආරක්ෂක විධිවිධාන පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කර ඇති බව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

අමාත්‍යවරයා සමඟ මෙම සංචාරයට සහභාගී වූ දූත පිරිසට ආගමන විගමන පාලක ජනරාල්වරයා, ශ්‍රී ලංකා පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සහ මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළත් වී ඇත.

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ සහයෝගය ඇතිව මෙම සංචාරයේ කටයුතු සම්බන්ධීකරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

රජය පවත්වාගෙන යාම ගැන එජාපයේ තීරණය මෙන්න

colombotoday

එක රටක් එක නීතියක් වාර්තාව පිළිනොගනු. නැගෙනහිර පුරාවිද්‍යා කැණීම් වහා ම නතර කරනු. – හකීම්ගේ ඉල්ලීමට ජනපතිගෙන් යහපත් ප්‍රතිචාර

colombotoday

දුෂ්කර ප්‍රදේශවල ජනතාවට ඉන්ධන කාඩ්පත ලබාගත හැකි ක්‍රමය

colombotoday

නාමල්ගේ සහ නාලකගේ කටහඬ, හඬ පට සමග ගැළපෙන බව CIDය අධිකරණයට කියයි

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් අතුරුදන්… වහා සොයා දෙන්න – අතුරුදන්වූවන්ගේ කාර්යාලයට පැමිණිලි කරයි

colombotoday

කිලිනොච්චියේ පුද්ගල ඝාතනයක්

colombotoday