World

කීර්ති නාමයට හානි වූ හිටපු අගමැතිවරයෙක් බිලියන 10 වන්දියක් ඉල්ලයි

පාකිස්තානයේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස් සිකන්දර් සුල්තාන් රාජාට එරෙහිව පාකිස්තාන රුපියල් බිලියන 10 වන්දියක් ඉල්ලා නඩු පවරන බව එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන් පවසයි. ජන රැලියක් අමතමින් ඉම්රාන් කියා සිටියේ අසත්‍ය ප්‍රචාර සිදුකර මන්ත්‍රි් ධුරය අහෝසි කර තම කීර්ති නාමයට හානි කිරීම සම්බන්ධයෙන් එලෙස නඩු පවරන බවය.

ප්‍රධාන මැතිවරණ කොමසාරිස් සිකන්දර් සුල්තාන් රාජා ප්‍රමුඛ පස් දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන අවස්ථාවේ, රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ලැබුණු තෑගි සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම සහ නිවැරදි නොවූ වත්කම් ප්‍රකාශයක් ලබා දීම සම්බන්ධෙයන් වැරදිකරු කරමින් ඔහුගේ මන්ත්‍රි ධුරය අහෝසි කළේ මේ මස මුලදීය.

තෙවැනි පාර්ශ්වයකගේ උපදෙස් පරිදි සිකන්දර් තමාට අපහාස කරමින් මන්ත්‍රි ධුරය අහෝසි කළ බවත් මින් පසු තවත් අයකුගේ කීර්ති නාමයට හානි කිරීමට ඉඩ නොතබමින් ඔහුට පාඩමක් ඉගැන්වීමට තමා සුදානම් බවත් ඉම්රාන් ඛාන් පැවසුවේය. සිකන්දර් හොරුන්ගේ මිතුරෙකු බවටද ඉම්රාන් එම රැලියේදී චෝදනා කළේය.

Related posts

ඉන්දීය යානය බිම දැමුවේ ඇමරිකානු ප්‍රහාරක යානයකින්… ඉන්දු-පාකිස්ථාන ගැටුමට ඇමරිකාවත් මැදිවෙයි…

colombotoday

ජගත් ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි

Admin

පැනමාවේ ප්‍රබල භූකම්පනයක්

Admin

ඊශ්‍රායල් විරෝධී උද්ඝෝෂණ කල 4 ක් ලන්ඩනයේදී අත්අඩංගුවට

colombotoday

මුස්ලිම් රටවලින් පැමිණෙන ගුවන්යානා සදහා එංගලන්තයෙන් තහනමක්

colombotoday

තමිල්නාඩුව හඩවමින් ජයලලිතා නික්ම යයි

colombotoday