Colombo Today Local News

අධික වේගයෙන් ධාවනය වූ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි – 10ක් රෝහලේ

අධික වේගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වු අනතුරකින් එම බස් රථ දෙකේ ගමන් ගත් දස දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ පිරිස නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.

අද (‍2) උදෑසන 7.30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ, හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මිපිටිය ප්‍රදේශයේදී ය.

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙසේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

තුවාල ලැබූවන් අතර පෞද්ගලික බස් රථයක රියැදුරා ද සිටින බව වාර්තා වේ.

එම මාර්ගයේ අනතුරු බහුල වශයෙන් සිදු වන වංගුවක් අසල මෙම අනතුර සිදු වී ඇති අතර බස් රථ දෙක ම අධික වේගයෙන් ධාවනය කර ඇති බව අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය සඳහන් කරයි.

නාවලපිටිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, එම බස් රථවල රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවය කරන සේවක සේවිකාවන් පිරිසක් ද සිට ඇති බව ය.

Related posts

අභිරහස් ලෙස මියගිය මළ සිරුරු දෙකක් හමුවෙයි

Admin

හමුදා භාරයේ තිබූ උතුරේ ඉඩම් අක්කර 2221 දැනටමත් බෙදා දී අවසන් – යුද හමුදාපති

colombotoday

වතුර ගැනීමට ළිඳට ගිය දැරියක් ජීවිතක්ෂයට

Admin

මාලක සිල්වාට ඇප

colombotoday

මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ වෙඩි තැබීම්වලින් 19ක් මියගිහින්

Admin

කණ්ඩායම් වගකීම චරිත්ට

Admin