Colombo Today Local News

භාණ්ඩ හා නිෂ්පාදන 5කට උපරිම සිල්ලර මිලක්

මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ හා නිෂ්පාදන පහක් සඳහා උපරිම සිල්ලර මිල සඳහන් කළ යුතු බවට නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ආනයනය කරනු ලබන රසකැවිලි, චොකලට්, බිස්කට්, කේක් සහ සුවඳ සබන් සඳහා උපරිම සිල්ලර මිලක් සඳහන් කළ යුතු බවට නිවේදනය කර ඇත.

ඊයේ (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

එම භාණ්ඩ දිවයිනට ඇතුළු වන ස්ථානයේදීම අදාළ ආනයනකරු විසින් භාණ්ඩය මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉදිරිපත් කරන ලද ප්‍රකාශිත උපරිම සිල්ලර මිල, ආනයනකරුගේ නම සහ ලිපිනය ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලිව සඳහන් කළ යුතු බව අදාළ ගැසට් නිවේදනය මඟින් දක්වා ඇත.

Related posts

කසුන් කල්හාරගේ පියා එච් එම් ජයවර්ධන සමුගනියි

colombotoday

ඉවසුවා ඇති ! ඡන්ද කල් දැමීමට එරෙහිව මැ.කො. තීන්දුවක් ගනී..

colombotoday

මැතිවරණය පැවැත්වීම නැවත්වීමට දැඩි උත්සහයක්. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 8 ක්

colombotoday

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් සැප්තැම්බර් මාසයේදී

colombotoday

ඉන්ස්ටග්‍රෑම්, මැසෙන්ජර් බිඳවැටේ

colombotoday

පුංචි ඡන්දයේදී බැසිල්ගෙන් විමල්ට කැපිල්ලක් !

colombotoday