Colombo Today Local News

ආර්ථික මධ්‍යස්ථාන රැසක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පහතට

ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු, සහල් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග මිල ගණන් ඊයේ(31) දිනයට සාපේක්ෂව අද(01) දිනයේ දී අඩුවී තිබේ.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය නිවේදනය කළේ කැරට්, බෝංචි, ලීක්ස්, වම්බටු, අමු මිරිස් මිල ගණන් මෙලෙස පහත වැටී ඇති බවයි.

ඒ අනුව පෙර දිනයට සාපේක්ෂව බෝංචි රුපියල් 52 කින්, කැරට් රුපියල් 6 කින්, ලීක්ස් රුපියල් 15කින්, වම්බටු රුපියල් 9 කින් සහ අමුමිරිස් රුපියල් 5 කින් පහත වැටී තිබේ.

සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් දෙකකින් සහ රතු කැකුළු කිලෝවක තොග මිල රුපියලකින් පහත වැටී ඇති බව සඳහන්වේ.

එසේම පෙර දිනයට සාපේක්ෂව රතු පරිප්පු රුපියල් 3 කින්, අර්තාපල් රුපියල් දෙකකින් සහ ආනයනික රතු ළුෑණු රුපියල් 10 කින් පහත වැටී තිබේ.

Related posts

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ මුල් පුටුව ඉමිතියාස් බාකීර් මාකාර්ට !

colombotoday

මට රට දුන්නේ මහින්දට බැරි හින්දයි, ක්‍රිකට් මැච් දින්නෙත් යහපාලනය නිසයි – අගමැති

colombotoday

කොරෝනා එන්නත ලබා ගන්න ලියාපදිංචි වෙන්න

colombotoday

රට ආරක්ෂා කළ හැක්කේ එජාපයට පමණයි

colombotoday

සතොසෙන් කහ කිලෝග්‍රෑමයක් රුපියල් 2400කට

colombotoday

විද්‍යුත් බස් රථ ආනයනයට ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුමැතිය

Admin