Colombo Today Local News

ලබන වසරේ සිට10 ශ්‍රේණියේ දරුවන්ට අලුත් විෂයක්

ලබන වසරේදී 10 ශ්‍රේණියට කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) විෂය ඉගැන්වීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සදහන් කරයි.

කොළඹ පැවති පෝෂණ අවශ්‍යතා සහිත පාසල් සඳහා දිවා ආහාරය සකසා ගැනීමට අවශ්‍ය ඉවුම් පිහුම් කට්ටල ලබාදීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් ක‍ර ඇත.

සියලු ම ගුරුවරුන් තාක්ෂණය සඳහා පුහුණු කළ යුතුව ඇති බව ත් පාසලෙන් ආරම්භ වී විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළු සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය ම පරිවර්තනයකට ලක් කළ යුතු බව ත් සුසිල් ප්‍රේමජයන්ත එහිදී පවසා ඇත.

එමෙන් ම, වර්තමාන විවිධ සමාජ ක්‍රියාකාරකම් හේතුවෙන් අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශවල දරුවන් ඇතුළු තරුණ කොටස් ආරක්ෂා කර ගැනීමේ අභියෝගයකට ද මුහුණ දී සිටින බව අමාත්‍යවරයා පෙවන්වා දී තිබේ.

ඒ අනුව, නුසුදුසු ආහාර, විවිධ භාවිත හා සිරිත් විරිත් පාසල් තුළට පැමිණීම වළක්වා ගැනීම සඳහා කොළඹ පාසල් 144 ම ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් වැඩමුළුවක් ආරම්භ කළ බවත් අමාත්‍යවරයා එම ගුරුවරුන් උපදේශනය සඳහා යොදවා ගන්නා බව ත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින පුහුණු උපදේශකවරුන්ගේ සහය ද මේ සඳහා ලබා ගන්නා බව ත් වැඩිදුරට ත් පැවසීය.

Related posts

ඉස්ලාමය වැළඳගත් භික්ෂූන් හරහා අබ්දුල් රාසික්ට පන්සල් දස දහසකට බෝම්බ යැවීය හැකියි – රිෂාම් මරූස්ගෙන් හෙළිදරව්වක්

colombotoday

රණවිරු ගායෙන් අපේ කොල්ලෝ ප්‍රභාකරන්ගේ ගාය නිට්ටාවටම සුව කළා, – මේජර් ජෙනරල් කමල් ගුණරත්න

colombotoday

යාපනේ සුනඛ අවතාරයක්?

colombotoday

යාපනයේ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නිවෙස් වලට පෙට්‍රල් බොම්බ ප්‍රහාරයක්

Admin

උ.පෙළට ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයක්

Admin

මැලේසියාවේ සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday