Colombo Today Local News

බාල කාබනික පොහොර සැපයුවොත් සමාගම අසාදු ලේඛනයට

තත්ත්වයෙන් බාල කාබනික පොහොර සපයන සමාගම් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඔවුන්ට කිසිදු ගෙවීමක් නොකිරීමටත් පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.

දිවයිනේ සියලුම කාබනික පොහොර නිෂ්පාදන සමාගම් කැඳවා මෙවර මහ කන්නයේදී කාබනික පොහොර සැපයීමේ වැඩපිළිවෙළ පිළිබඳව අමාත්‍යවරයා සාකච්ඡා කර තිබේ.

මේ අතර මහ කන්නයේ වී වගාවේදී 30%ක් කාබනික පොහොර ද,70%ක් රසායනික පොහොර ද යොදා ගනිමින් වී වගා කිරීමට නිර්දේශවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව මෙවර මහ කන්නයේ දී වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 150,000 කි.

නමුත් මේ වනවිට කාබනික පොහොර නිෂ්පාදන සමාගම් සතුව පවතින පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 80,000 ක් වන බව කෘෂිකර්ම අමාතශ්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

බස්නාහිර සභාවේ අලුත් පිවිසුම් දොරේ ඇස්තමේන්තුව වටිනාකම ලක්ෂ 72යි… ලක්ෂ 83ක් වියදම් කරලා….

colombotoday

රාජිත තවමත් හැංගිලා – අත්අඩංගුවට ගැනීමේ ආරක්ෂක අංශ මෙහෙයුම් දිගටම

colombotoday

නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දෙන්නෙක් ණය මුදල් පිල්ලි ගහලා

Admin

එජාප මහලේකම් ධුරය අකිලගෙන් ගිලිහෙන ලකුණු… අලුත් නමක් යෝජනා වෙයි

colombotoday

ඇඳිරි නීතිය කඩ කළ 64,779ක් අත්අඩංගුවට

colombotoday

හාල් මිල 240ට වඩා උඩ යන්න දෙන්නේ නෑ

Admin