Colombo Today Local News

ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු ඉහළට

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවා ගාස්තු අද (01)දිනයේ සිට ඉහළ දමා තිබේ.

පළමුවරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන අයැදුම් පත්‍රයකට අද (01) සිට රුපියල් 200 ක ගාස්තුවක් ගෙවිය යුතු බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කරයි.

අවුරුදු 15ට එළැඹෙන ළමුන් මුල්වරට ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා ගෙවිය යුතු රුපියල් 100 ගාස්තුව රුපියල් 200 ක් දක්වා වැඩි කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

නැතිවු හැඳුනුම්පතක් වෙනුවට අනුපිටපතක් ලබා ගැනීම සඳහා රුපියල් 500 ක්ව පැවැති ගාස්තුව රුපියල් 1000 ක් දක්වා වැඩිකර ඇති බව ඔහු සඳහන් කරයි.

සංශෝධිත පිටපතක් ලබා ගැනීම සඳහා රුපියල් 250ක්ව පැවැති ගාස්තුව රුපියල් 500 ක් දක්වා ඉහළ දමා තිබේ.

ඡායාරූපාගාර ලියාපදිංචි කිරීම සඳහා රුපියල් 15000 ක් ද අයකරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවා ගාස්තු සංශෝධනය අද (01)දින ක්‍රියාත්මක වන බව පසුගිය 14 වැනි දා ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ය.

Related posts

මුහුණු ආවරණ පැළඳීම හෙට සිට අනිවාර්ය නැහැ

colombotoday

F & G තැන්පත්කරුවන් කබලෙන් ලිපිට.

colombotoday

අරාබියේ සංචාරයකට ජනපතිට ආරාධනා !

colombotoday

ඩ්‍රෝන කැමරාවකින් අග්බෝ ව වීඩියෝ කරන්න ගිය අයෙක් අත්අඩංගුවට

Admin

කුරුන්දි පුදබිම නොසන්සුන්.. උණුසුම් තත්ත්වය පාලනයට කැරලි මර්දනය කැඳවයි..

Admin

පාකිස්තානු සිරකරුවා බන්ධනාගාර රෝහලේදී මියයයි

colombotoday