Colombo Today Local News

රට ශක්තිමත් කළ සැණින් මැතිවරණ වැලක්

රට ශක්තිමත් කළ සැණින් ජනපති මැතිවරණ වැලක් ලබාදෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා මාධ්‍ය හමුවක දී අද(13)දින පැවසීය.

මීට මාස කිහිපයකට පෙර බොහෝ දේශපාලකයන් ඉල්ලුවේ ඡන්ද නොව හැංගෙන්න තැනක් බව කී වජිර අබේවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ මහතා රට බාර ගෙන කෙටි කාලයක් ඇතුළත රට යම් සාමාන්‍යකරණ තත්ත්වයකට රැගෙන පැමිණ තිබෙන බව ද සඳහන් කළේය.

දැන් අවශ්‍ය වන්නේ මැතිවරණයක් නොව රට ජාතික මාවතකට ගැනීම සඳහා අරගලයක් බව කී වජිර අබේවර්ධන මහතා මේ මොහොතේ මැතිවරණ ඉල්ලීම යනු රට නැවත කුණු බක්කියට ඇද දැමීම බවද සඳහන් කළේය.

වැටුණු රට අනිවාර්යයෙන්ම ලබන අප්‍රේල් මාසය වන විට ජනාධිපතිවරයා විසින් ඔසවා තබනු ඇති බව කී අබේවර්ධන මහතා ඊට පසු රට මෙලෙස වැටෙන්නට හේතු සොයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම එම හේතු ඉවත් කළ යුතුව තිබෙන බවද සඳහන් කළේය.

Related posts

එජාප මන්ත්‍රීවරුන්ගේ සහයෝගය රජයට? රවී සහ විමල් අතර රහස් සාකච්ඡා ?

colombotoday

අගමැතිට සුබ පතන්න විශේෂ පාර්ලිමේන්තු සැසියක් !

colombotoday

ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනවා – IMF

colombotoday

“එක රටක් එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් කැඳවයි

colombotoday

මන්ත්‍රීවරුන්ට තවත් ලක්ෂ 2 ක් ඉල්ලූ යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි

colombotoday

සරසවි සිසුවෙක් පිහිණුම් තටාකයේ ගිලී මරුට

Admin