Colombo Today Local News

මහින්දට සභාපතිකම දෙනතුරු ශ්‍රීලනිපයෙන් නාමයෝජනා එපා! හිටපු පුංචි මන්ත්‍රීන් 1400ක් දැඩි තීරණයක

mahinda slupf

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාළාත් පාලන ආයතන නියෝජනයක කළ හිටපු නියෝජිතයන් 1400 දෙනෙකු ශ්‍රීලනිපයෙන් නාම යෝජනා ඉල්ලුම්පත් භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුර භාර ගැනීම හෝ වෙනත් පක්ෂයක් සාදා එහි නායකත්වය ගන්නා තුරු මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමටයි ශ්‍රීලනිප පළාත් පාලන මන්ත්‍රී සංසදය තීරණයකට එළඹ ඇත.

මේ දිනවල යළිත් වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය මගින් පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන්ගෙන් ඉල්ලුම් පත් කැඳවීම සිදු කෙරේ.

කෙසේ වෙතත් මීට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළ පාළාත් පාලන මන්ත්‍රීවරුන් 1400කගේ සහභාගීත්වයෙන් මීගමුවේදි පැවති සමුළුවේදී සම්මතකරගත් පරිදි ඔවුන් ඉදිරි පළාත් පාලන මැතිවරණය මුහුණ දීමට තීරණය කර ඇති බවද සදහන් වේ.

Related posts

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන තනතුරෙන් ඉවතට ? පන මදි ලොක්කෝ රැසකට තනතුරු අහිමි වෙයි ?

colombotoday

ඥානසාර හිමිගේ ජන්ම දිනයට ගමකට දානේ දෙයි. දුප්පත් පවුලකට නිවසෙකුත් දෙයි.

colombotoday

අදත් කොරෝනා අසාදිතයන් තිදෙනකු හමුවෙයි. ආසාදිතයින්ගේ සංඛ්‍යාව 146 දක්වා වැඩිවේ.

colombotoday

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී 04ක් යට වෙයි

colombotoday

ලංකාවේ තවත් 9ක් මැදපෙරදීග දී මරා දැමීමට නියමිතයි!

colombotoday

රිල්වාන්ට පුපුරණ ද්‍රව්‍ය සැපයු රාසික් රාසා TID යට

colombotoday