Colombo Today Local News

පාසල් යන මුවාවෙන් සිසුන්, දෙමාපියන් SPA වල

කොළඹ නගරයේ දරුවන් පාසල් පැමිණෙන මුවාවෙන් සම්බාහන මධ්‍යස්ථාන (SPA) වෙත යාම නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුහල්පතිවරුන් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

මෙලෙස පාසල් දරුවන් පාසල් කාලය තුළදී සම්බාහන මධ්‍යස්ථානවල සේවය ලබාගැනීම මෙන්ම එහි සේවය සැපයීමට යාම සම්බන්ධව පැමිණිලි රැසක් පසුගිය මාස තුන තුළ තමන් වෙත ලැබී ඇති බව ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන පවසයි.

බොහෝ දරුවන් පාසල් එන මුවාවෙන් නිවෙස්වලින් මුදල් සොරකම් කරගෙන මෙවැනි තැන් කරා යාමට ඇබ්බැහි වී ඇති බවත් විදුහල්පතිවරුන් පවසා තිබේ.

දරුවන් පාසල් වෙත රැගෙන එන මව්වරුන් සහ පියවරුන්ද සම්බාහන මධ්‍යස්ථාන වෙත යාමේ ප්‍රවණතාවක්ද වාර්තා වී ඇත. එනිසා පවුල් සම්බන්ධතා බිඳවැටීමේ සිද්ධීන් වාර්තා වී ඇති බවද ඔහු සඳහන් කරයි.

විකුට්ඨනය හෙවත් අයථා ලෙස විකිණීම යන වරදට යටත්ව සිදුකරන මෙවැනි ව්‍යාපාර පවත්වා ගැනීමට බපලත්‍ර ලබාදෙන පළාත් පාලන ආයතනවලටත්, මේ ව්‍යාපාර නියාමනය කිරීමේ වගකීම පැවරෙන බවත්, ඒ සම්බන්ධව එම අදාළ ආයතන දැනුවත් කරමින් සිටින බවත් කොමසාරිස්වරයා කියයි.

වර්තමානයේ වැඩිම සම්බාහන මධ්‍යස්ථාන ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ මහරගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ තුළය.

Related posts

කොරෝනා වැළදුණු චීන කත නගර 9ක සංචාරය කරලා !

colombotoday

කොරෝනා හැදුනු රටවල් බැලුවම අපි අදටත් සාර්ථකයි. අපේ ආණ්ඩුව ඇනගෙන නැහැ

colombotoday

දුරකතන ගාස්තු 20%කින් ඉහළ දැමීමට අනුමැතිය

colombotoday

විදේශිකයින්ට මෙරටට ඒමට නිකුත් කළ විසා තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ඇමති සහ පරිවාරයන් වන සතුන් ද බය කරමින් යාල කැලේ යකා නටයි

colombotoday

වෛද්‍ය අනිල් ජයසිංහගේ පුරප්පාඩුවට වෙනත් වෛද්‍ය වරයෙක් පත් කරයි

colombotoday