Colombo Today Local News

මන්ද පෝෂණය කවුරු හරි තුරන් කරනවා කියන එක සුරංගනා කතා පෙළක්. – මන්ද පෝෂණය වැඩි වී ඇතැයි ඇමති පිළිගනී

මෙරට මන්ද පෝෂණය පසුගිය වසරට සාපේක්ෂව සියයට 2කින් වැඩිවී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද (12)දින කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බවට පසුගිය දිනවල වාර්තා රැසක් පළවුණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“මේ මන්ද පෝෂණය කියන්නේ ඊළඟ අවුරුදු පහේ දහයේ අපි නැතිවෙන්න පුළුවන්. හැබැයි අපේ දරුවෝ යම්කිසි විදියේ මානසික මට්ටමකින් අඩු, ජවයෙන් අඩු දරුවන් වුණොත් අපි ඒකට කවදාහරි සාප ලද්දන් බවට පත්වෙයි. ඒ නිසා මුලික දේවල් අපි තේරුම් ගත යුතුයි. මගේ නම් මුලික අවශ්‍යතාවය තියෙන්නේ මිනිස්සුන්ගේ බඩගින්න. දරුවන්ගේ මන්ද පෝෂණය. ගැබිනි මව්වරුන්ට පෝෂණ වේල. මේ රටේ නිරෝගී පරම්පරාවක් බිහිකිරීමට යම් බාධාවක් වෙලා තියෙනවා නම් ඊට වඩා ප්‍රමුඛත්වයක් මට නෑ සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට. මන්ද පෝෂණය කවුරු හරි ඔක්කෝම තුරන් කරනවා කියන එක සුරංගනා කතා පෙළක්. හැබැයි මන්ද පෝෂණය තිබුණේ 12%ක මට්ටමක්. ඒක 14%ට ගිහින් තියෙනවා. 2%ක් වැඩිවෙලා තියෙනවා පහුගිය කාලයේ. අපි එතැනින් ගෙනල්ලා 10%ට අඩුකරන්න. අපි ආසියාවේ ප්‍රබලව හිටිය ඉලක්කම්වලින් ඉතාමත් හොඳට හිටපු රටක් ඉතින් මේක වැටෙන්න දෙන්න බෑ. ඒ නිසා ඒකට ප්‍රමුඛත්වය දෙනවා.”

ප්‍රශ්නය – ඒ කියන්නේ 2%කින් මන්දපෝෂණය වැඩිවෙලා කියලා පිළිගන්නවා ද?

“අනිවාර්යයෙන්ම. අපි අද නෙමෙයි පිළිගත්තේ. සුමානෙකට කලින් මම පාර්ලිමේන්තුවේදීත් කිව්වා ඒක.”

Related posts

T 56 උණ්ඩ සමග කඩුවක් වෙළම්බඩ වැවෙන් සොයාගනී…

colombotoday

පදමට සුර්වූ අගමැති “හත්පොලේ ගා ගනී”

colombotoday

මරදාන පොලීසියේ ගින්නක්

colombotoday

“ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගාල්ලෙන් ඉවත් කරනවා” – ඇමති වජිර අබේවර්ධන

colombotoday

බහාලුම් ප්‍රවාහන රථ 4000 ක් ධාවනයෙන් ඉවතට.. ආහාර, ඖෂධ ප්‍රවාහන සේවා සම්පූර්නයෙන්ම ඇන හිටී.

colombotoday

මරණ දඩුවමට අලුත් සංශෝධනයක්

colombotoday