Colombo Today Local News

තවත් කඳුකර කොටියෙක් මද්දකට බිලිවෙයි

නුවරඑළිය, රාගල, හයිෆොරස්ට්, කහවත්ත ප්‍රදේශයේදී කම්බි මද්දකට හසුව මිය ගොස් සිටි කඳුකර කොටියෙකුගේ සිරුරක් ඊයේ (11)දින හමුවී තිබේ.

සතුන් ඇල්ලීම සඳහා එළවළු කොටුවක අටවන ලද කම්බි මද්දකට හසුව මෙම කඳුකර කොටියා මිය යන්නට ඇති බවයි වනජීවී නිලධාරීන් සදහන් කරන්නේ.

මියගිය කඳුකර කොටියා හොඳින් වැඩුණු අඩි හතක් පමණ දිග කිලෝග්‍රෑම් 150 ක් පමණ බර පිරිමි සතෙකු බවද වනජීවී නිලධාරීන් කියා සිටි.

මිය ගිය කොටියාගේ මළ සිරුර මරණ පරීක්ෂණය සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලට රැගෙන යාමට වනජීවී නිලධාරීන් පියවර ගෙන ඇත.

Related posts

පැය 12 ක විදුලි කප්පාදුවකට යන්න වෙයි – මහජන උපයෝගිතා කොමිසම

colombotoday

‘රාජපක්ෂලා හොරු: කීවාට ඔප්පුකරගන්න බැරිවුණා.. චෝදනා බොරු බවයි පේන්නේ‘ – ඇමති මහින්ද

colombotoday

බලාගාරවලට ඉතාමත් ඉක්මනින් අවශ්‍ය ඉන්ධන අවශ්‍යයි

colombotoday

වැලිසර රෝහලෙන් පළා ගියා කොවිඩ් රෝගියා මරදානේ නිවසකින් සොයාගනී

colombotoday

කැරොලයින් ජූරිගේ කිරුළ දෙවන ස්ථානය හිමිවු අයර්ලන්තයේ විවාහක රූ රැජිනට

colombotoday

මුදල් අච්චු ගැහුවද? මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

Admin