Colombo Today Local News

තේරීම් කමිටුවෙන් අසාධාරණයක් වී ඇත්නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පැමිණිලි ඉදිරිපත් කරන්න අවස්ථාවක්

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම සංගමයේ තේරීම් කමිටුවෙන් අසාධාරණයක් සිදුවී ඇත්නම් සතියක් තුල ඊට අදාළ අභියාචනා ඉදිරිපත් කළ හැකි බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

එම අභියාචනා තමන් වෙත හෝ ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත ඉදිරිපත් කළ හැකි බව එම අමාත්‍යාංශයේ අද(04)දින පැවති ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත මෙම ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර ඇති අතර, ලේකම්වරයා වන්නේ අර්ජුන් රිශ්යා ප්‍රනාන්දුය.

Related posts

වත්මන් රජය ජනතාව මුලා කරමින් සිටිනවා.. නැවත ත්‍රස්තවාදයක් ඇති නොවෙන්නට කල යුතුදේ සජිත් කියයි

colombotoday

උ/නැගෙනහිර එක්කරනු.. ෆෙඩරල් දෙනු – විග්නේෂ්වරන් පරණ තැටියම වයයි

colombotoday

ලොව පුරා ආහාර උද්ධමනය ඉහළට : ශ්‍රී ලංකාව 7 වෙනි තැනට

Admin

ප්‍රහාරක යානාවල කෑලි ගලවා “යොවුන් පුරේදී” පෙන්වන්නැයි අගමැති කියලා.. ගුවන් හමුදාවේ විරෝධය

colombotoday

ගෝඨා දිවයිනට පැමිණෙයි

colombotoday

‘කළු සතියට’ පක්ෂව අදත් ක්ෂේත්‍ර රැසක නිලධාරීන් විරෝධයේ

Admin