Colombo Today Local News

පුද්ගලයින් ලක්ෂ 5 කට ස්ථිර රියැදුරු බලපත්‍ර කාඩ්පත් ලැබී නැහැ

මෙරට පුද්ගලයින් ලක්ෂ 5කට පමණ මේ වනතෙක් ස්ථිර රියැදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කිරීමට නොහැකි වී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ කාඩ්පත් මෙරට නොමැති වීම හේතුවෙන් ඔවුන්ට තාවකාලික රියැදුරු බලපත්‍ර ලබා දීමට කටයුතු කර ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ මහතා සදහබ් කරන්නේ.

මේ වනවිට අදාළ කාඩ්පත් ලක්ෂ10ක් පමණ ඇණවුම් කර ඇති අතර එහි ලක්ෂ 5ක කාඩ්පත් පළමු තොගය මේ මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව නිශාන්ත වීරසිංහ මහතා පවසයි.

ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 43කි.

Related posts

සංචරණ සීමා ජූනි 14 දක්වා දීර්ඝ කරයි.

colombotoday

අද දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරු.

colombotoday

2005 ගෝඨාගේ ඡන්දය – CID යෙන් මෝසමක්

colombotoday

නැගෙනහිර ජැටියේ අයිතිය ලංකාවට

colombotoday

තැන් තුනකින් පුද්ගල මළසිරුරු 03ක් හමුවෙයි

Admin

සුනාමි කලුවා – මීගොඩ චව්වා සහ බඩෝවිට වසා පොලිස් දැලේ

colombotoday