Colombo Today Local News

ශ්‍රී ලංකාව ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට

ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක ආහාර වැඩසටහනේ වාර්තාවක් උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව බරපතල ආහාර අර්බුදයකින් පෙළෙන බවයි.

ලෝක ආහාර වැඩසටහන මගින් පසුගිය ජූනි මාසයේ දී පළමුවරට උග්‍ර කුසගින්නෙන් පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කළේ ය.

ඒ අනුව ඔවුන් පසුගිය සැප්තැම්බර් මාසයේ නිකුත් කළ නව වාර්තාව මගින් ද ශ්‍රී ලංකාව එම ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර අදාළ වාර්තාව උපුටා දක්වමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද පෙන්වාදෙන්නේ මේ වසරේ ඔක්තොම්බර් මාසයේ සිට ලබන වසරේ ජනවාරි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 19ක ආහාර අනාරක්ෂිතභාවය තවදුරටත් පිරිහෙනු ඇති බවයි.

උග්‍ර ආහාර අනාරක්ෂිතතාව සහිත රටවල් අතර ඇෆ්ගනිස්තානය, ඉතියෝපියාව, නයිජිරීයාව, දකුණු සුඩානය, සෝමාලියාව සහ යේමනය නම් කර ඇති අතර ශ්‍රී ලංකාව ද එම අවදානමට ළංවෙමින් පවතින බව සඳහන් කර තිබේ.

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම දේශගුණික විපර්යාස, කලාපීය ගැටුම් සහ වසංගත තත්ත්වයන් එම ආහාර අර්බුදයට හේතු වී ඇති බව ජාත්‍යන්තර මුද්‍ය අරමුදල පෙන්වා දෙයි.

Related posts

අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනයට අනුමැතිය

Admin

එජාප නව සන්ධානයේ මහ ලේකම් රවී !

colombotoday

රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

බදියුදීන් මුලතිව් මහ වනයත් දෙපළු කරයි. අක්කර 600ක් දැනටමත් ඉවරයි – අපේ අයට යන එන මං නෑ TNA කියයි

colombotoday

අගමැති මහින්දගෙන් කොරියානු ආයෝජකයින්ට ආරාධනයක්

colombotoday

ඇඳිවත පමණක් ඉතිරි වූ ලංසා හඬා වැටෙයි

colombotoday