මුලතිව් කුරුන්දි රජමහා විහාරය පත්ව ඇති අවධානම් තත්වයෙන් ගලවාගැනීමට වාහාම මැදිහත් වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලමින් එම විහාරස්ථානයේ විහාරාධිපති ගල්ගමුවේ සංතබෝධි හිමියෝ ඇතුළු පිරිසක් අද (26)දින කොළඹදී විරෝධතාවක් පැවැත්වූහ.
එම අවස්ථාවට භික්‍ෂුන් වහන්සේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සරත් විරසේකර සහ ජයන්ත සමරවීර සහ දෙමළ සමාජ ක්‍රියාකාරිකයකු වන අරුන් සිද්ධාර්ථන් යන මහත්වරු ද සහභාගි වී සිටියහ.
එම පිරිස නිදහස් චතුරශ්‍රයේ සිට කොළඹ 7 පිහිටි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වෙත පැමිණි ලිපියක් භාරදුන්හ.