World

රැජිනගේ ඔටුන්නේ දියමන්තිය දකුණු අප්‍රිකානු දේශප්‍රේමීන් ආපසු ඉල්ලයි

දෙවැනි එලිසබත් රැජිනගේ අවමංගල කටයුතු අවසන් වීමත් සමඟ රැජිනගේ ඔටුන්නට සවි කර ඇති දියමන්තියක් ආපසු දකුණු අප්‍රිකාවට දෙන්නැයි, එරට දේශප්‍රේමී සංවිධානයක් බි්‍රතාන්‍ය රජ පවුලට දන්වා ඇත.

‘ග්‍රේට් ස්ටාර් ඔෆ් අප්‍රිකා’ එසේත් නැතිනම් ‘කලිනන් 1’ යන නමින් හැඳින්වෙන මෙම දියමන්තිය 1905 වසරේ දී දකුණු අප්‍රිකාවෙන් සොයා ගනු ලැබූවකි. මෙය දකුණු අප්‍රිකාවෙන් හමුවුණු විශාලතම දියමන්තිය පමණක් නොව, වටිනාම දියමන්තිය ද වෙයි.

යටත් විජිත සමයේ යටත් විජිත පාලකයන් මෙම දියමන්තිය බ්‍රිතාන්‍ය රජ පවුලට පරිත්‍යාග කර තිබේ. දියමන්තිය ඔටුන්නට සවි කෙරුණේ ඒ අනුවය.

දකුණු අප්‍රිකා දේශප්‍රේමී ක්‍රියාකාරීන් පෙන්වා දෙන ආකාරයට, රැජිනගේ අභාවයෙන් පසු තමන් ‘කලිනන් 1’ දියමන්තිය පමණක් නොව, දකුණු අප්‍රිකාවෙන් හමුවී පසුව බි්‍රතාන්‍ය රජ පවුලට ලබා දුන් සෙසු දියමන්ති ද ආපසු අවශ්‍ය බවය. එම දියමන්ති සුදු පාලකයන් විසින් දකුණු අප්‍රිකාවෙන් කොල්ල කෑ බවට දේශප්‍රේමී ක්‍රියාකාරීහු චෝදනා නගති.

Related posts

සන්නද්ධ කණ්ඩායමක් විසින් නෞකාවක් ඕමාන් බොක්කේදී පැහැරගනියි.

colombotoday

ජර්මනියෙන් 1200 ක හමුදා බලඇණියක් ISIS විනාශ කිරීමට සිරියාවට යවයි

colombotoday

ප්‍රංශ ප්‍රහාරයට පසු පෝලන්තය මුස්ලිම් සංක්‍රමණිකයන්ට දොර වසයි

colombotoday

ඉස්ලාම් ත්‍රාස්ථවාදීන්ගෙන් ඉහළ පෙළේ හෝටලයකට ප්‍රහාරයක්

colombotoday

ඇමරිකාව අඩියක් පස්සට ගනී.. කිම් ජොන්ග් අන් හමුවෙන්න ට්‍රම්ප් ලෑස්තියි !

colombotoday

ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට එකග වෙයි

colombotoday