Colombo Today Local News

භාෂාව එන්.වී.කි්‍යු සහතික නැතත් කොරියාවේ රැකියා

වෙල්ඩින් සහ ග්‍රයින්ඩින් වැනි ක්ෂේත්‍ර සඳහා කොරියාව තුළ විශාල වශයෙන් රැකියා අවස්ථා තිබෙන බවත් භාෂා ප්‍රවීණතාවයක් නොමැතිව වුවද ඒ සඳහා අයදුම් කළ හැකි බවත්, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

එන්.වී.කි්‍යු සහතික ආදිය මේ සඳහා අවශ්‍ය නොවන බව කී රාජ්‍ය අමාත්‍යවරයා එම ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති,වයස අවුරුදු 45ට අඩු පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි බව ද සඳහන් කළේය.

මෙම රැකියාවන්හි වැටුප් රුපියල් ලක්ෂ 8 1/2 සිට ආරම්භ වන බව කී ශාන්ත බණ්ඩාර මහතා ක්‍ෂේත්‍රයේ පළපුරුද්ද ඇති මේ සඳහා උනන්දුවක් දක්වන පිරිස් වේ නම් විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යංශයේ නාවල පිහිටි කාර්යාලයට පැමිණෙන ලෙස ශාන්ත බණඩාර මහතා දැනුම්දීමක් ද කළේය.

එහිදී තාක්ෂණ කමිටුවක් හරහා ඔවුන්ගේ අවශ්‍යතා සම්පුර්ණ කර අදාළ උපදෙස් ලබා දෙන බවත්, ඔවුන්ට රැකියා සඳහා විදේශ ගතවීමේදී රාජ්‍ය බැංකු මඟින් ණය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

දුම්රිය දෙපාර්තමේන්තුවට බිලියන 10 ක පාඩුවක්

colombotoday

ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙක්ට කොරෝනා

colombotoday

අර්ජුන් මහෙන්ද්‍රන් පත්කරද්දී මා අකමැති වුණා.. අගමැති ඔහුව පත්කර රටම ගද ගැස්සුවා

colombotoday

දඹර අමිල හිමි මාරාන්තික උපවාසයේ…

colombotoday

රවිරාජ් ඝාතන චෝදනාවෙන් නිදහස් වී අද පාරන්දර ගෙදර ගිය බුද්ධි අංශ නිලධාරීන් රට ගැන කී දේ (Video)

colombotoday

VAT හේතුවෙන් ජල ගාස්තු ඉහලට

colombotoday