Colombo Today Local News

හොර පාරෙන් ඕස්ට්‍රේලියා පනින්න අනුබලදුන් 5ක් අත්අඩංගුවේ

කලවංඩිකුඩි කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සමග ඒකාබද්ධව, කාත්තංකුඩි පොලිස් වසමේ මුත්තුවාරන් වෙරළ තීරයේ දී වැටලීම් හතරක් සිදුකර තිබේ.

එහි දී ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා සංචරණය වීමට සිටි පුද්ගලයින්හට බෝට්ටු මගින් ප්‍රවාහනය පහසුකම් සපයා ඒ සදහා අනුබලදීමේ වරදට මඩකලපුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පස් දෙනෙකු ඒ සදහා යොදාගත් ඩිංගි බෝට්ටු පහක් සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

එක් පුද්ගලයකු නීති විරෝධීව ඔස්ට්‍රේලියාව දක්වා ප්‍රවාහනය කිරිමට රුපියල් ලක්ෂ දහයේ සිට රුපියල් ලක්ෂ පහලොව දක්වා අයකල බව ඔවුන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.

ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කාත්තංකුඩි පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

Related posts

දෙදින නිල සංචාරය අවසන් කරමින් චීන ආරක්ෂක ඇමති දිවයිනෙන් පිටව යයි

colombotoday

හවුල් ආණ්ඩුව මටත් හොද නෑ.. රනිල්ට පමණක් දෙවනි මට ඇමතිකමක්වත් නෑ

colombotoday

ක්‍රීඩා ඇමති ක්‍රිකට් තේරීම් කමිටුව හමුවෙයි

Admin

පළාත් සභා 06ක ඡන්ද පැවැත්වීමේ බලය 28දාට පසු ජනපති අතට

colombotoday

මිනීමරුවන්ට රණ විරුවෝ කියන්නද කියන්නේ – අතුරුදහන් වුවන්ගේ දෙමාපිය සංසදය

colombotoday

දකුණු මුහුදේ දී මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලයි

colombotoday