Colombo Today Local News

මරණ දඩුවම හිමි රැඳවියකුගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දියණියට පරිඝණක යන්ත්‍රයක් පරිත්‍යාග කරයි.

බන්ධනාගාර ගත රැඳවියන්ට මෙන්ම ඔවුන්ගේ පවුල් සමඟ මනා සම්බන්ධතාවය ගොඩනගමින් පුනරුත්ථාපනය තුලින් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුනරුත්ථාපන ක්‍රියාවලියේ අරමුණයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා සිරකරු සුභසාධක සංගමය එක්ව බන්ධනාගාර ගත රැඳවියන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා ඔවුන්ගේ සුභසාධන කටයුතු සදහා අවශ්‍ය භාණ්ඩ, උපකරණ හා අධ්‍යාපන කටයුතු සදහා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම සිදුකරනු ලබයි.

ඒ අනුව මරණීය දණ්ඩනය නියමව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින නේවාසිකයෙකු විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඔහුගේ විශ්ව විද්‍යාලීය අධ්‍යපානය හාදාරණ දියණියගේ අධ්‍යාපන කටයුතු සදහා ලැප්ටොප් වර්ගයේ පරිඝණක යන්ත්‍රයක් සිරකරු සුභසාධක සංගමයේ වැලිකඩ උපකමිටුවේ සමාජික එම්. අක්‍රම් මහතා විසින් 2022.09.03 වන දින වැලිකඩ බන්ධනාගාර අධ්‍යයන කේන්ද්‍රයේදී පරිත්‍යාග කරන ලදි.

මේ අතර “සිරකරුවන්ගේ දරුවන්ගේ මිතුරෝ” ආයතනය මගින් ආර්ථික අපහසුතා මැද විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන මෙම දියණියට ශිෂ්‍යත්වයක්ද ලබා දී ඇත.

මෙම විශේෂ අවස්ථාව සදහා වැලිකඩ බන්ධනාගාර අධිකාරී යු.බි.වලිසුන්දර මහතා, සිරකරු සුභසාධක සංගමයේ සාමාජීකයින් ඇතුළු පුනරුත්ථාපන නිලධාරින් හා බන්ධනාගාර නිලධාරීන් රැසක් සහභාගී වු බව බන්ධනාගාර කොමසාරිස් (පාලන, පුනරුත්ථාපන, මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටියි.

Related posts

මෙරට 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ජන සටනට කැම්බල් පිටිය ලැබෙයි – පොලිසියෙන් හිටපු ජනපතිට අවසර පත්‍රය නිවසට ගෙනවිත් බාර දෙයි

colombotoday

ඉතා රහසිගතව වැඩපොළක කාමරයක ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

Admin

දේවිකා කොඩිතුවක්කුත් සමගි ජන බලවේගයට

Admin

හන්තාන රක්‍ෂිතයේ තවත් අක්කර තුන්දහසක් විනාශයි. බලධාරීන්, නිලධාරීන්, ප‍්‍රභූන් අතින් විනාශ වෙන ජාතික උරුම

colombotoday