World

බ්‍රිතාන්‍යයට අලුත් අගමැතිවරයෙක් තෝරා ගැනීම අද

මහා බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා තෝරා ගැනීම අද (5)දින සිදුවෙයි. මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකයාටය. වර්තමානයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි.

පක්ෂ නායකයා තෝරා ගැනීම සිදුවන්නේ පක්ෂ අභ්‍යන්තරයේ ඡන්දයෙනි. කොන්සවර්ටිව් පක්ෂ නියෝජිතයන්, පක්ෂ ක්‍රියාකාරීන් සහ පක්ෂ සාමාජිකයන් අතරේ ඡන්ද විමසුම පැවැත්වුණු අතර එහි ප්‍රතිඵල අද ප්‍රකාශයට පත් කෙරේ.

පක්ෂ නායකත්වය වෙනුවෙන් සටන පවතින්නේ ඊට ඉදිරිපත් වුණු ප්‍රධානතම අපේක්ෂකයන් දෙදෙනා වන වත්මන් විදේශ අමාත්‍යවරිය ලිස් ට්‍රස් සහ හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් අතරේය.

47 හැවිරිදි ලිස් ට්‍රස් පක්ෂ නායකත්වය හිමිවී, අග්‍රාමාත්‍ය ධුරයට පත්වුවහොත්, තරේසා මේ සහ මාග්‍රට් තැචර්ගෙන් පසු බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වන තෙවැනි කාන්තාව වනු ඇත.

42 හැවිරිදි රිෂී සුනාක් ඉන්දීය සම්භවයක් ඇත්තකු බැවින්, ඔහු ජයග්‍රහණය කළහොත්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වන ඉන්දීය සම්භවයක් ඇති පළමු තැනැත්තා ඔහු වනු ඇත.

බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂයට නව නායකයකු පත් කර ගැනීමට සිදුවූයේ පක්ෂ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය ද හෙබවූ බොරිස් ජොන්සන් ඉන් ඉවත් වූ බැවිනි.

ජොන්සන් ට පක්ෂ නායකත්වය අහිමි වූයේ ඔහුගේ ක්‍රියාකලාපය පක්ෂ සාමාජිකයන්ගේ අප්‍රසාදයට හේතුවක් වුණු බැවිනි.

ඒ අනුව, පසුගිය ජූලි මාසයේ සිට පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සඳහා ඡන්ද විමසුම් පැවැත්විණි. අවසාන වටයට ආ අපේක්ෂකයන් දෙදෙනා වූයේ ලිස් ට්‍රස් සහ රිෂී සුනාක් ය.

(රොයිටර්)

Related posts

ග්‍රීසියේ ලැව්ගිනි නිවා දමමින් සිටි ගුවන් යානයක් කඩා වැටී නියමුවන් දෙදෙනෙක් මරුට

Admin

එක් දිනක් තුළ එක්සත් ජනපදය තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වෙයි.

colombotoday

ඉන්දියාව Tik Tok තහනම් කරයි.. චීනයට අමෙරිකානු ඩොලර් බිලියන 6ක පාඩුවක්

colombotoday

රුසියාවට තහංචි පැනැවීම් මැයි 31 වැනිදා වනතුරු… බළලුන්ටත් තහංචි

colombotoday

තබ්ලිග් මතධාරී තලේබාන් ත්‍රස්තයන් ප්‍රතිමා විනාශ කිරීම යලි අරඹයි.

colombotoday

කාබුල් විශ්ව විද්‍යාලයට ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්. | සිසුන් 19ක් මරුට. 22ක් තුවාලයි.

colombotoday