Colombo Today Local News

IMF ණය සහනය ගැන Fitch Ratings සහ චීනයෙන් ප්‍රතිචාර

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව එළඹි කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම මෙරට අය-වැය පරතරය අවම කිරීම, නම්‍යශීලී විනිමය අනුපාත සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය ඇතුළුව සාර්ව ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා ප්‍රතිපත්ති සැකසුම්වල තියුණු වෙනසක් සංඥා කරන්නේ යැයි පෙනෙන බව ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි.

එම ආයතනය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා රජය එකඟ වූ පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන තුරු, නිල ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගන්නා තුරු සහ පුද්ගලික ණය හිමියන් සමග එකඟතාවකට පැමිණීමට සද්භාවයෙන් උත්සහ දරන තුරු මෙරටට ලබා දීමට එකඟ වූ විස්තීරණ අරමුදල් පහසුකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමත නොකරනු ඇති බව ය.

ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට එකඟ වුව ද රටේ දේශපාලන අස්ථාවරත්වය, ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍යාධාර ලබා ගැනීමට අවදානමක් මතු කරන බව ෆිච් රේටින්ග්ස් ආයතනය අවධාරණය කර තිබේ.

එම ආයතනය සඳහන් කරන්නේ, මහජන විරෝධය වැළැක්වීමට ශ්‍රී ලංකා රජය අමතරව වැය කරන සමාජ වියදම් ප්‍රමාණවත් නොවිය හැකි බව ත් සිය තක්සේරුවට අනුව රජය මහ ජනතාවට ලබා දෙන සහය දුර්වල බව ත් ය.

මේ අතර වත්මන් දුෂ්කරතාවන්ට, ණය බර ලිහිල් වීමට සහ තිරසර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට දරන උත්සහයට ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය සඳහා අඛණ්ඩව ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීම සඳහා අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග කටයුතු කිරීමට තමන් සූදානම් බව චීනය පවසයි.

Related posts

අක්ෂි සැත්කමෙන් පසු පේන ඇස් අන්ධ කළ බෙහෙත ගැන ජනපති කඩිනම් වාර්තාවක් ඉල්ලයි

Admin

ඉන්දියාව සමග ETCA අත්සන් කරනවා.. ස්ථීරයි – ජනපති සහතික වෙයි

colombotoday

එස්.බී. කරණමකට සැරසෙයි… ප්‍රබලයෙකු සමග සාකච්ඡා !

colombotoday

ත්‍රීවිල් මීටරෙන් ගැහිල්ලක්… කොමිස් කන දේශපාලකයෝ කවුදැයි හෙළි කරයි !

colombotoday

ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට පසුගිය දින දෙකේදී දීර්ඝ ලෙස උපදෙස් දුන්නා – චතුර සේනාරත්න

colombotoday

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ සංඛ්‍යාව 70 දක්වා ඉහළට

colombotoday